සියළු දෙනාම සිය විශ්‍රාම දිවිය නැතිනම් ජීවිතයේ සැඳැ සමය දකින්නේ දරු මල්ලන් සමග විනොදයෙන් විවේකයෙන් ඉන්න, පිනක් දහමක් කර ගන්න සුදුදුම කාළය ලෙසයි. ජීවිතයේ සැඳැ සමයේ ව්‍යාපාරයකට අත ගහලා ඒ ව්‍යපාරය ලොව පුරා ගෙන යනන් අවශ්‍ය අඩි තාලම දමන්න, මෙය කිසිම වියපත් අයෙක් හිතන දෙයක් නම් නොවෙයි. එහෙත් එවැනි අපූරු පුද්ලගයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් සිටි අතර මේ පුද්ගලයා තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ තන්ගේ දිවියේ සැඳැ සමයේයි. ඔහු ආරම්භ කළ මේ ව්‍යාපාරය අද වන විට ලොව පුරා විහිද ගොස් ඇත්තේ ලක්ෂ ගණන් දන්නගේ රස නහර පිනවමින්.
“කේ.එෆ්.සී”නැතිනම් “කෙන්ටකි ෆරයි චිකන්” යනු ලොව පුරා බාල මහළු සියල්ලන්ගේ දිව පිනවූ ස්ථානයක්. මෙහි ආරම්භය 1952 දක්වා දිව යන අතර එය ආර ම්භ කරනුයේ ක්ලෝනීල් හාර්ලන්ඞ් සැන්ඩර්ස් නම් ව් වන විට හැට දෙවන වියේ පසුවන පුද්ලයෙක් විසින්.
එක්දහස් අටසිය අනූවේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා හී ගොවිපලක උපත බලන ක්ලෝනීල් හර්ලන්ඞ් සැන්ඩර්ස් හැදි වැඩෙන්නේද මේ ගොවිපල ඇසුරේමය. එහෙත් ඔහු සය හැවිරිදි වියට පා තබත්ම සිදු වූ පියගේ අභාවයත් සමග ඔහුගේ මවට දරු තිදෙනකුගේ පවුල් බර කරට ගැනීමට සිදුවිය. මේ නිසාම මව දවසේ වැඩි කාළයක් ගත කර ඇත්තේ වැඩ කිරීම උදෙසායි. මව මුදල් ඉපයීමේ යෙදන විට සිය බාල සහෝදරිය හා සහෝදරයා රැක බලා ගනිමින් නිවසසේ සියළු කටයුතු ඉටුවූයේ කුඩා හාර්ලන්ඞ් අතිනි.මේ නිසාම ඔහු දක්ෂ සූපවේදියකු බවට පත්වූයේ හත් හැවිරිදි වියේදීමය.
හාර්ලන්ඞ් ගේ මව ඔහු දොලොස්හැවිරිදි වන විට යළිත් විවාහ වූ අතර ඔහුටත් සහෝදරයාටත් සිය ඥාතී නැන්දනියක් සමීපයට යාමට සිදු වූයේ සුළු පියා පිරිමි දරුවන් සිය සමීපයේ තබා ගැනීමට දැක්වූ අකමැත්ත හෙයිනි. ඒ අනුව හාර්ලනඞ් සහ සොහොයුරා ගොවිපලක වැඩ කිරීට ද යෙදවිනි. හාර්ලනඞ් පාසල් අධ්‍යාපනය සඳහා යොමු වුවද අධ්‍යාපනය හත් වැනි ශ්‍රේණියෙන් පසුව අත් හැර දැමුවේය.
ඉන් පසුව ඔහු සිය ජීවිතයේ පළමු අර්ධය ඔහු ගෙවා දැමුවේ විවිධ වූ රැකියා වල නියැලෙමිනි. ඔහු වරක් හමුදා සේවයේ ද යෙදුනු අතර සේවා ස්ථානය වූයේ කියුබාවයි. ඔහුගේ රැකියා අතර දුම්රිය එන්ජීන් අළුත් වැඩියා සඳහා සහය වීම්, රක්ෂණ නියෝජිත කටයුතු, ටයර් අලෙවිය, විදුලි ආලෝක පද්ධති අලෙවිය, බොට්ටු හැසිරවීම වැනි එකිනෙකට වෙනස් රැකියා විය.
මේ අතර ඔහු එක්දහස් නමසිය තිහේදී ඔහු කෙන්ටකි ප්‍රාන්තයේ කොබීන් හී ගෑස් අලෙවි කරන ස්ථානයක පිහිටි අවන්හලක රැකියාවේ නියැලෙමින් සිටියේය. ඔහු අතින් පිළියෙල වූ නොයෙක් ආහාර සංචාරයින් රස බැළුවේ ආශාවෙනි. මෙහිදි ඔහු ගෑස් පිරවීමේ කටයුතු වලද නියැළින. එක්දහස් නමසිය තිස් නමයේදී ඔහු ප්‍රථම වරට තමන්ගේම කියා ව්‍යාපාරයක් පිළිබඳව සිහින දකිමින් බදින ලද කුකුළු මස් අලෙවියක් ආරම්භ කරන ලදි. ඔහු මෙය නම් කරන ලද්දේ “11 හර්බ්ස් ඇන්ඞ් ස්පියිස් ” යන නාමයෙනි. ඔහුට සිය සිහිනය සාර්ථක කර ගැනීම පහසුවක් වූයේ නැත. මුල් කාළීනව ඔහුගේ අවන්හලේ පිසින ලද ආහාර පාන අලෙවි කර ගැනීම පහසුවක් වූයේ නැත. මේ නිසා ඔහු තම නිෂ්පාදන නොමිලේ පාරිභෝගිකයා වෙත ලබා දීමට පවා පියවර ගත්තේය. සුළු මුදලකින් ආරම්භ කරන ලද අවහන්හලේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ඔහුට විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය. ඔහු සිය අවහන්හලේ ආහාර පිසින ලද්දේ නිවසේ ඉවුම් පිහුම් සඳහා යොදා ගත් ප්‍රේෂර් කුකර් එකක් අධාර කර ගිනිමිනි. ව්‍යාපාරික උපක්‍රමයක් ලෙස මුල් දින කිහිපයේ සිය ආහාර නිෂ්පාදන නොමිලේ පාරිභෝගිකයා වෙත ලබා දෙන්නට පියවර ගැනීම සාර්ථක විය. ඔහු නිවෙස් අසලට ගොස් සිය නිෂ්පාදන අලෙවි කරන්නට පියවර ගත්තේය. මේ හරහාත් ඔහුට සිය නිෂ්පාදන ප්‍රචලිත කර ගන්නට අවස්ථාව උදා විය.
මේ අතර 1950 දී ඔහු සිය ව්‍යාපාරය වඩා පුළුල් කිරීමට මෙන්ම සාර්ථක ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව සිය අවධානය යොමු කළේය. මෙහිදි ඔහු මුලින්ම කළේ සිය ව්‍යාපාරය උදෙසා තමන් ජීවත් වන ප්‍රාන්තයේ නාමය ලබා දීමයි. එය පසු කාළීනව ලොව පුරා දනන්ගේ රස නහර පිනවන නාමයක් වනු ඇතැය ඇතැම් විට ඔහු නොසිතන්නට ඇත. ඒ අනුව අවනහල කෙන්ටකි ලෙස නම් විය.
දැනට කේ.එෆ්.සී හී භාවිතයට ගැනෙන සංකේතය වන සුදු ඇඳුමින් සැරසි රතු පැහැති ඒප්‍රණයක් පැළඳ සිටින ලංචනයද භාවිතය ආරම්භ වූයේ මේ සමගමය. ඊට පෙනී සිටියේද හාර්ලන්ඞ්මය. මේ කුඩා ව්‍යාපාරය වෙනස් විදිහකින් ආරම්භ වන්නේ 1952 දීය. ඔහු නියමාකාරයෙන් ව්‍යාපාරය ආරම්භ කරන්නේ මේ සමයේදී කිවහොත් නිවැරදිය. ඔවුන් කරන්නේ කුකුළු මස් නවීන ක්‍රමයකට පිස ඒවා ආලෙවි කිරීමයි.
ඒ අනුව මිතුරකු සමග ඔහු කෙන්ටකි ෆ්‍රරයි චිකන් අලවිය ආරම්භ කල ද පසුව මිතුරා සිය ව්‍යාපාරය වසා දැමීමට අදහස් කිරීමත් සමග හාර්ලන්ඞ් පත් වන්නේ දැඩි අපහසුතාවයකටය. ඔවුන් අපෙක්ෂිත තරම් ආදායමක් ලබා ගැනීමට නොහැකි විම ගැටළුවක් වීම මේ තීරණයට හේතුවයි. එහෙත් ඔහුට පසු බසින්නට අවශ්‍ය නොවු අතර යළිත් සිය ව්‍යාපාරය ආරම්භ කරනුයේ තනිවමය. ඒ 1956 දීය. ඒ වන විට ඔහු හැටහයවන වියේ පසුවුවද ඒ වයස ඔහුට කිසිදු බලපෑමක් එල්ල කළේ නැත. බිරිඳගේද සහය ඇතිව ඔහු යළිත් සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේය.
ප්‍රෙෂර් කුකර් දෙකත් අවශ්‍ය පිටි හා කුකුළු මස් මෙන්ම තුනපහ අඹරනයත් තම මොටර් රථයේ දමා ගත් ඔහු යළිත් සිය ව්‍යාපාරය ආරම්භ කළේය. මෙම ගමනද පහසු වූයේ නැත. ඔහු යළිත් සිය මුල් කාලීන ව්‍යාපාරික ප්‍රවර්ධන උපක්‍රමයන් යොදා ගත්තේය. ඒ අනුව යළිත් නොමිලේ ලබා දෙන්න මෙන්ම නිවෙස් වලට ගොස් සිය නිෂ්පාදන අලෙවි කරන්න ඔහු පියවර ගත්තේය. 1956 දී ඔහු මෙලෙස ආරම්භ කළ තනි ගමන 1963 වන විට අවන්හල් 600 ක් ජාලයක් බවට පරිවර්තනය විය. ඒවා ඇමෙරිකාව පුරා මෙන්ම කැනඩාව දක්වාද පැතිර තිබිණ. අවන්හල් ජාලය ප්‍රවර්ධනය කිරීමේදී ඔහු ඇමෙරිකාව තුළ මෙන්ම කැනඩාව තුළත් යොදා ගත්තේ නියෝජිතයින් හරහා අවන්හල් විවෘත කිරීමයි. මේ ක්‍රමය ලාභදායී මෙන්ම පහසු විය. අඩු ප්‍රාග්ධනයකින් අවධානමක් නොගෙන අවන්හල් ජාලය ප්‍රචලිත කිරීම පහසුවක් විය. අද වනවිට ඩොලර් බිලියන ගණනක අදායමක් උපයන කේ.එෆ්.සී ජාලය ලොව පුරා රටවල් 150 ක පමණ පැතිර පවති.
සිය ව්‍යාපාරය සම්බන්ධයෙන් ක්ලෝනීල් හර්ලන්ඞ් සැන්ඩර්ස් දරන්නේ මෙවැනි අදහසකි.
“මට ව්‍යාපාරය ආරම්භ කරන්න විශාල මුදලක් තිබුනේ නැහැ. ඒ වගේම තියෙන මුදල ආයෝජනය කරලා මම පාඩු ලැබුවා. එහෙත් මට පසු බසින්න අවශ්‍ය වුනේ නෑ. මම මගේ හැකියාව විශ්වාස කළා. අවසානයේ එය මට වාසනාව හා සාර්ථකත්වය ගෙන ආවා.”
නයනකේෂි විජේකෝන්
No comments:
Post a Comment