Thursday, January 10, 2019

අපේ රහට ඇමරිකාවේ තැනුන වයින්



අයෝමා කරුණාසේන මුලින්ම ව්‍යාපාරයක් සඳහා යොමුවූයේ මහමායා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දීය. ව්‍යාපාරික සඟරාවක පලව තිබූ ආකාරයට යෝගට් එකක් නිෂ්පාදනය කිරීමට පියවර ගත්තාය. මේ සඳහා අවශ්‍ය මුදල් ඇය සොයා ගන්නේ සිය කැටයෙන් හා පියාගේ මොටර් රථය සෝදා දීම මගින් ලබා ගන්නා මුදල් වලිනි. මුලදි 12 වතාවක් වරදින යොගට් එක 13 වන අවස්ථාවේදී ඇය සාර්ථක කර ගත්තාය. ඇය යොගට් එකට ඇය පලතුරු කැබලි හා ජෙලිද එක් කළාය. ඇගේ යොගට් එකේ ප්‍රථම වෙළඳපොල වූයේ පාසල් ආපන ශාලාවයි. ඇය කෙතරම් සාර්ථක වූවාද කිවහොත් ඇයට ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ලබා දෙන්න පවා එදා අපහසු විය. පාසල් සිසුවියකව වශයෙන් සිටියදී විනෝදයට කළ මේ නිෂ්පාදනය සහ අළෙවිකරණ කටයුත්ත ඇයගේ සිතේ තදින් පිළපදියම්ව තිබුනි. ඇමරිකාජාතිකයකු හා විවාහ වන ඇය 2000 වර්ෂයේදී ඇය ඇමෙරිකාවේ එක්සත් ජනපදයේ කැළිෆෝනියා ප්‍රාන්තයේ පදිංචියට යන්නීය. අයෝමා කරුණාසේන නම් වූ ඇය දැන් අයෝමා විලන්ය. මහනුවර මහමායා බාලිකාවේදී නිපදවා අලෙවි කළ යොගට් එක කැළිෆෝනියාවේදී අමතක නොවීය. ඒ අනුව අයොමා විලන් පුංචියට සිය පදිංචි ප්‍රාන්තයේ ආහාර අලෙවී කිරිමේ ආපනශාලාවක් ආරම්භ කළාය.  ඒ 2008 වර්ෂයේදීයි. ඇය මෙහි අලෙවි කළේ කාබනික නිෂ්පාදන ආශ්‍රිත ආහාර පමණකි. එය ඒ හේතුවෙන් කෙටි කළකින් එය අතිශය ජනප්‍රිය විය. මේ නිසාම ඇය 2013 වසරේදී “බෙස්ට් චෙෆ් ඇමෙරිකා අවොර්ඞ් විනර්” සම්මානය පවා දිනා ගැනීමට අවස්ථාව ද උදා කර ගත්තාය.ඇමෙරිකා එක්සත් ජනපදයේ දී මේ අකාරයට සූපවේදය සම්බන්ධයෙන් සම්මානයක් දිනා ගත් ප්‍රථම ශ්‍රී ලාංකීය කාන්තවද ඇයයි.

“පර්ල් ඔෆ් ද ඔෂන් ” නමින් ශ්‍රී ලාංකිය ආහාර පාන අලෙවිසල කෙටි කලකින් අතිශය ජනප්‍රිය විය.  ආහාර වේලක් සමග වයින් බීම ඇමෙරිකානුවන්ගේ පුරුද්දයි. ඇගේ පාරිභෝගිකයන්ගෙන් දිගින් දිගටම ගලා ආ ඉල්ලීමන් වූයේ කාබනික ආහාර මෙන්ම ඊට ගැලපෙන නැවුම් වයින් නිපදවා ලබා දෙන ලෙසයි. එහෙත් ඇය මදක් අදිමදි කළේ මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් වූ නිසාය. එහෙත් ඇගේ සිතේද මේ සඳහා යම් අශාවක් හා උවමනාවක් නොතිබුනා නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස් ඇය සිහිනයෙන් පවා මිදි වතු මෙන්ම මිදි යුෂ දැක්කාය. අවසානයේ අගේ තීරණය වුයේ ලංකාවට ගැලපෙන ආකාරයේ වයින් වර්ගයක් නිපදවා එය ඇමරිකානුවන් අතර ජනප්‍රිය කිරීමයි.


එහෙත් මේ සඳහා දැනුම අවශ්‍යය. ඇය වයින් හදන ආකරයේ අයනු ආයනු හෝ නොදත්තාය. මේ නිසා ඇය පළමුවම කළේ සිය අවන්හලවෙත පැමිණේන පිරිසගෙන් වයින් නිෂ්පාදනය ගැන විමසා සිටීමයි. ඇය මුලින්ම සිතුවේ මිදි යුෂ මිරිකා ගැනීමෙන් වයින් නිපදවිය හැකි බවයි. එහෙත් පාරිභෝගිකයන් ගෙන් විමසන විට ඔවුන් ගේ අදහස් අසන විට ඇයට දැනුනේ එය තරමක් අසීරු ක්‍රියාවලියක් බවයි. ඇය තව තවත් තොරතුරු සෙව්වාය. අගේ අරමුණ ලංකාවට මෙන්ම ලොවට ගැලපෙන ආකාරයේ වයින් වීදුරුවක් සිය පාරිභෝගිකයා අතට පත් කිරීමයි. ඒ අනුව තමන් ලද විවේකයන්ගේදී ලොව ප්‍රමුඛ පෙලේ වයින් නිෂ්පාදන සමාගම් සම්මානනීය වයින් නිෂ්පාදකයින් සම්බන්ධයෙන් තොරතුරු සෙව්වාය.

අවසානයේ ඇයට තැනක් හමු විය. ඇගේ තොරතුරු ගොනුවේ ඉහලින්ම සිටියේ පැට් පොල්සන්නය. ධවල මන්දිරයටද ඔහු වයින් සපයයි. පැට් පොල්සන් ජාත්‍යන්තර මට්ටමේ වයින් නිෂ්පාදකයෙකි. 1989 වර්ෂය්දී ඔහු විසින් මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයාටද වයින් තොරා දී ඇති බව ඇය සිය වැඩි විස්තර ලෙස ගවේෂනයේදී සොයා ගත්තාය. පැට් පොල්සන්ගේ සමගෙමේ දුරකතන අංකය සොයා ගත් ඇය සමාගම වෙත දුරකතන ඇමතුමක් ලබා දුන්නාය. එහෙත් ඇයට පැට් පොල්සන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් හිමිවුයේ නැත. ඊට හේතු වුයේ ඔහු විදෙස් ගතව සිටීමයි. මේ නිසා ඇයට සම්බන්ද වීමට සිදු වූයේ ඔහුගේ ලේකම්වරයා සමගයි. ලේකම්වරයා ඇයට උදව් කිරීමට ඉදිරිපත් වුවද අයෝමාට අවශ්‍ය වුයේ පැට් පොල්සන් සම්බන්ධ කර ගැනීමයි. ගැහැණු නුවන යොදවා ජංගම දුරකතනයෙන් ලේකම්වරයා අමතන අයෝමා තමා පැට් ගේ මිතුරියක බව කීවාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ඔහුගේ වොයිස් සබඳතාවය සමග සම්බන්ධ වීමට අවස්ථාව උදා විය. ඇය සිය අවශ්‍යතාවය එහි සටහන් කළාය. මෙහිදි අයෝමා සිය පණිවුඩයේ පැහැදිලිව සිය අවශ්‍යතාවය වූ ලංකාවට ගැලපෙන වයින් වර්ගයක් නිපදවීම පිළිබඳව සඳහන් කළාය. ඇය වැඩි දුරටත් සඳහන් කළේ මේ සඳහා සාකාච්ඡා කිරීමට තමාට පැට් පොල්සන් හමුවීමට අවශ්‍ය බවයි.


ටික දිනකින් ඇයට තමා බලා සිටි පණිවුඩය ලැබුණි. පටිගත කරණ ලද පණිවුඩයේ තිබුනේ තමා ඇමෙරිකාවට පැමිණ සිටින අතර යළිත් දින දෙකකින් විදෙස් ගතවන නිසා එදින දෙකට පමණ පැට් පොල්සන් හමු වන ලෙසයි. ඇගේ සිතේ බලාපොරොත්තු මෙන්ම සතුටද ඉතිරි ගියාය. නොපමාව ඇය එහි ගියාය. එහිදි සිය ඉල්ලීම මෙන්ම අවශ්‍යතාවය ඇය ඔහුට ඉදිරිපත් කලාය. අප රටේ ආහාර වන හාල්මැසසන්, උම්ලකඩ, කරවල, පොල්සම්බෝල වැනි ආහාර සමග ඊට ගැලපෙන ආකාරයේ වයින් වර්ගයක් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය බව ඇය පැට්ට කිවාය.එහෙත් එය මේ වයින් නිෂ්පාදකයාට ප්‍රමාණවත් වූයේ නැත. ඔහු ලාංකික ආහාර පානවල තොරතුරු හා ඒවා සකසන ක්‍රම මෙන්ම ආහාර වට්ටොරු හා තුපපහ වැනි සියළු දත්ත තමාට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඇය මේ සියල්ල ඔහුට ලබා දෙන්නේ සිය සිහිනය දිනා ගැනීමට ඇයට ඇති අධික ආශාව නිසාමයි. අයෝමා තොරතුරු දුන්නද කෑම හදන තරම් ඉක්මනින් වයින් හැදුනේ නැත.

පැට් පොල්සන් ගේ පරීක්ෂණ කාළය වසර හතරකි. ඔහු මේ කටයුත්ත සිදු කාළේ කැළිෆෝනියාවේ වයින් සඳහා අතිශය ප්‍රසිද්ධ නාපාවැලි ප්‍රදේශයේයි. ඇය වසර හතරක කාළය ඉවසිල්ලෙන් බලා සිටියාය. මේ කාළය තුළ වයින් පරීක්ෂණ වාර 17 ක් සිදු කළේය. ඉන් 16 ක්ම අපේක්ෂිත අවශ්‍යතාවය ඉටු කර දුන්නේ නැත. අවසානයේ ඇගේ සිහිනය සැබැ විය. තනිකරම මිදි යොදා ගෙන නිපදවන වයින් වර්ග දෙකක් නිෂ්පාදනය කර ගැනීමට ඔවන්ට අවස්ථාව උදා විය.

ඇය සිහිනය සැබැ කර ගත්තා වුවද එය පාරිභෝගිකයා ඉදිරියට ගෙන එන්නට ඒ තරම් පහසුවක් වුයේ නැත. මේ සඳහා ඇයට තවත් කඩුළු කිහිපය් පනින්නට සිදු විය. ඇයට සිය නිෂ්පාදනයේ ඇති මධ්‍යසාර මට්ටම පිළිබඳව අදාළ අංශවලට දැනුම් දී අනුමැතිය ලබා ගෙන ලේබල් කිරීම, ලියාපදිංචිය අයිතිය ලබා ගැනීම සඳහා තවත් මාස නමයක් ඉවසා සිටීමට සිදු විය. එරට පාරිභෝගික අයිතීන් සම්බන්ධ ආයතන වල විවිධ වූ කොන්දේසී ඉතාමත් තදින් බලපවත්වයි. මධ්‍යසාර මට්ටම පිළිබඳ පර්යේෂණ ගණනාවකට පසු 2016 වර්ෂයේදී සිය නිෂ්පාදනය උත්සවාකාරයෙන් පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමට පියවර ගත්තාය. ඇය සිය නිෂ්පාදන සඳහා නම් යෙදුවේ සිය නමත් යොදා ගනිමින්. ඒ අනුව ඇය සිය එක් වයින් වර්ගයක් සඳහා “අයෝමා රෙඞ් පර්ල්” ලෙසත් අනෙක් වයින් වර්ගය සඳහා “ අයෝමා වයිට් පර්ල්” ලෙසත් නම් තැබුවා. ඇය සිය නිෂ්පාදයේ ලංඡනය ලෙස යොදා ගත්තේද තම රුවමයි. මෙයත් එත් ආකාරයකට සුවිශේෂී අවස්ථාවකි. ඇමෙරිකාවේ වයින් නිෂ්පාදනයක් සඳහා කාන්තා රුව යෙදු ප්‍රථම අවස්ථාව මෙයයි.


ඊළඟට ඇය මේ වයින් සමග අහාරයට ගත හැකි විශේෂිත සොසේජස් වර්ගයක්ද පාරිභෝගිකයා වෙත හඳුන්වා දුන්නිය. ඇය මෙය නිෂ්පාදනය කළේ කොස් වලිනි. එය ඇමෙරිතාවේ මුල්ම කොස් සොසේජසය විය යුතුය. වයින් රස බැළු අය එය නිවසට රැගෙන යන්නද අමතක කළේ නැත. දැන් ඇගේ අරමුණ වන්නේ සිය වයින් වර්ග දෙක ගුවන් සමාගම් වල සංචාරක හෝටල් වල ප්‍රචලිත කිරීමයි. ඇය සිය සිහින දිනිම ගැන දරන්නේ මෙවැනි අදහසකි.

“කිසිම දවසක උත්සහය අතහරින් අවශ්‍ය නෑ. කිහිප වරක් අසාර්ථක වුවත් දිගින් දිගටම උත්සහ කරන්න. ඉලක්කය දෙසටම හඹා යන්න. පිරිසිදු සිතිවිල්ලෙන් ඉදිරියටම යන්න. අවසානය ජයග්‍රහණය වේවී. ඒ වගේම තමයි මට උදව් කළ පැට් පොලසන් පැවසුවා මා හිරු මෙන් මගේ අරමුණ කරා ගියා වගේම අරමුණ අභියෝගයක් කරගෙන ජයග්‍රහණය කරා යාමට ක්‍රීයා කරනවා මේ නිසා මට උදව් කරනවා කියලා.”

සිය අරමුණ කරා තමා කාන්තාවක් යන සිතිවිල්ලේ නොසිට ඉදිරියට ගිය නිසා ඇය අද කාන්තා ව්‍යවසාය අතින් ඉහළම ස්ථානයක රැඳී සිටියි.

නයනකේෂී විජේකෝන්


No comments:

Post a Comment