Tuesday, January 15, 2019

රස නහර පිනවන කේ.එෆ්.සී රස කතාව



සියළු දෙනාම සිය විශ්‍රාම දිවිය නැතිනම් ජීවිතයේ සැඳැ සමය දකින්නේ දරු මල්ලන් සමග විනොදයෙන් විවේකයෙන් ඉන්න, පිනක් දහමක් කර ගන්න සුදුදුම කාළය ලෙසයි. ජීවිතයේ සැඳැ සමයේ ව්‍යාපාරයකට අත ගහලා ඒ ව්‍යපාරය ලොව පුරා ගෙන යනන් අවශ්‍ය අඩි තාලම දමන්න, මෙය කිසිම වියපත් අයෙක් හිතන දෙයක් නම් නොවෙයි. එහෙත් එවැනි අපූරු පුද්ලගයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් සිටි අතර මේ පුද්ගලයා තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ තන්ගේ දිවියේ සැඳැ සමයේයි. ඔහු ආරම්භ කළ මේ ව්‍යාපාරය අද වන විට ලොව පුරා විහිද ගොස් ඇත්තේ ලක්ෂ ගණන් දන්නගේ රස නහර පිනවමින්.


“කේ.එෆ්.සී”නැතිනම් “කෙන්ටකි ෆරයි චිකන්” යනු ලොව පුරා බාල මහළු සියල්ලන්ගේ දිව පිනවූ ස්ථානයක්. මෙහි ආරම්භය 1952 දක්වා දිව යන අතර එය ආර ම්භ කරනුයේ ක්ලෝනීල් හාර්ලන්ඞ් සැන්ඩර්ස් නම් ව් වන විට හැට දෙවන වියේ පසුවන පුද්ලයෙක් විසින්.

එක්දහස් අටසිය අනූවේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා හී ගොවිපලක උපත බලන ක්ලෝනීල් හර්ලන්ඞ් සැන්ඩර්ස් හැදි වැඩෙන්නේද මේ ගොවිපල ඇසුරේමය. එහෙත් ඔහු සය හැවිරිදි වියට පා තබත්ම සිදු වූ පියගේ අභාවයත් සමග ඔහුගේ මවට දරු තිදෙනකුගේ පවුල් බර කරට ගැනීමට සිදුවිය. මේ නිසාම මව දවසේ වැඩි කාළයක් ගත කර ඇත්තේ වැඩ කිරීම උදෙසායි. මව මුදල් ඉපයීමේ යෙදන විට සිය බාල සහෝදරිය හා සහෝදරයා රැක බලා ගනිමින් නිවසසේ සියළු කටයුතු ඉටුවූයේ කුඩා හාර්ලන්ඞ් අතිනි.මේ නිසාම ඔහු දක්ෂ සූපවේදියකු බවට පත්වූයේ හත් හැවිරිදි වියේදීමය.


හාර්ලන්ඞ් ගේ මව ඔහු දොලොස්හැවිරිදි වන විට යළිත් විවාහ වූ අතර ඔහුටත් සහෝදරයාටත් සිය ඥාතී නැන්දනියක් සමීපයට යාමට සිදු වූයේ සුළු පියා පිරිමි දරුවන් සිය සමීපයේ තබා ගැනීමට දැක්වූ අකමැත්ත හෙයිනි. ඒ අනුව හාර්ලනඞ් සහ සොහොයුරා ගොවිපලක වැඩ කිරීට ද යෙදවිනි. හාර්ලනඞ් පාසල් අධ්‍යාපනය සඳහා යොමු වුවද අධ්‍යාපනය හත් වැනි ශ්‍රේණියෙන් පසුව අත් හැර දැමුවේය.

ඉන් පසුව ඔහු සිය ජීවිතයේ පළමු අර්ධය ඔහු ගෙවා දැමුවේ විවිධ වූ රැකියා වල නියැලෙමිනි. ඔහු වරක් හමුදා සේවයේ ද යෙදුනු අතර සේවා ස්ථානය වූයේ කියුබාවයි. ඔහුගේ රැකියා අතර දුම්රිය එන්ජීන් අළුත් වැඩියා සඳහා සහය වීම්, රක්ෂණ නියෝජිත කටයුතු, ටයර් අලෙවිය, විදුලි ආලෝක පද්ධති අලෙවිය, බොට්ටු හැසිරවීම වැනි එකිනෙකට වෙනස් රැකියා විය.


මේ අතර ඔහු එක්දහස් නමසිය තිහේදී ඔහු කෙන්ටකි ප්‍රාන්තයේ කොබීන් හී ගෑස් අලෙවි කරන ස්ථානයක පිහිටි අවන්හලක රැකියාවේ නියැලෙමින් සිටියේය. ඔහු අතින් පිළියෙල වූ නොයෙක් ආහාර සංචාරයින් රස බැළුවේ ආශාවෙනි. මෙහිදි ඔහු ගෑස් පිරවීමේ කටයුතු වලද නියැළින. එක්දහස් නමසිය තිස් නමයේදී ඔහු ප්‍රථම වරට තමන්ගේම කියා ව්‍යාපාරයක් පිළිබඳව සිහින දකිමින් බදින ලද කුකුළු මස් අලෙවියක් ආරම්භ කරන ලදි. ඔහු මෙය නම් කරන ලද්දේ “11 හර්බ්ස් ඇන්ඞ් ස්පියිස් ” යන නාමයෙනි.  ඔහුට සිය සිහිනය සාර්ථක කර ගැනීම පහසුවක් වූයේ නැත. මුල් කාළීනව ඔහුගේ අවන්හලේ පිසින ලද ආහාර පාන අලෙවි කර ගැනීම පහසුවක් වූයේ නැත. මේ නිසා ඔහු තම නිෂ්පාදන නොමිලේ පාරිභෝගිකයා වෙත ලබා දීමට පවා පියවර ගත්තේය. සුළු මුදලකින් ආරම්භ කරන ලද අවහන්හලේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ඔහුට විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය. ඔහු සිය අවහන්හලේ ආහාර පිසින ලද්දේ නිවසේ ඉවුම් පිහුම් සඳහා යොදා ගත් ප්‍රේෂර් කුකර් එකක් අධාර කර ගිනිමිනි. ව්‍යාපාරික උපක්‍රමයක් ලෙස මුල් දින කිහිපයේ සිය ආහාර නිෂ්පාදන නොමිලේ පාරිභෝගිකයා වෙත ලබා දෙන්නට පියවර ගැනීම සාර්ථක විය. ඔහු නිවෙස් අසලට ගොස් සිය නිෂ්පාදන අලෙවි කරන්නට පියවර ගත්තේය. මේ හරහාත් ඔහුට සිය නිෂ්පාදන ප්‍රචලිත කර ගන්නට අවස්ථාව උදා විය.


මේ අතර 1950 දී ඔහු සිය ව්‍යාපාරය වඩා පුළුල් කිරීමට මෙන්ම සාර්ථක ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව සිය අවධානය යොමු කළේය. මෙහිදි ඔහු මුලින්ම කළේ සිය ව්‍යාපාරය උදෙසා තමන් ජීවත් වන ප්‍රාන්තයේ නාමය ලබා දීමයි. එය පසු කාළීනව ලොව පුරා දනන්ගේ රස නහර පිනවන නාමයක් වනු ඇතැය ඇතැම් විට ඔහු නොසිතන්නට ඇත. ඒ අනුව අවනහල කෙන්ටකි ලෙස නම් විය.

දැනට කේ.එෆ්.සී හී භාවිතයට ගැනෙන සංකේතය වන සුදු ඇඳුමින් සැරසි රතු පැහැති ඒප්‍රණයක් පැළඳ සිටින ලංචනයද භාවිතය ආරම්භ වූයේ මේ සමගමය. ඊට පෙනී සිටියේද හාර්ලන්ඞ්මය. මේ කුඩා ව්‍යාපාරය වෙනස් විදිහකින් ආරම්භ වන්නේ 1952 දීය. ඔහු නියමාකාරයෙන් ව්‍යාපාරය ආරම්භ කරන්නේ මේ සමයේදී කිවහොත් නිවැරදිය. ඔවුන් කරන්නේ කුකුළු මස් නවීන ක්‍රමයකට පිස ඒවා ආලෙවි කිරීමයි.

ඒ අනුව මිතුරකු සමග ඔහු කෙන්ටකි ෆ්‍රරයි චිකන් අලවිය ආරම්භ කල ද පසුව මිතුරා සිය ව්‍යාපාරය වසා දැමීමට අදහස් කිරීමත් සමග හාර්ලන්ඞ් පත් වන්නේ දැඩි අපහසුතාවයකටය. ඔවුන් අපෙක්ෂිත තරම් ආදායමක් ලබා ගැනීමට නොහැකි විම ගැටළුවක් වීම මේ තීරණයට හේතුවයි. එහෙත් ඔහුට පසු බසින්නට අවශ්‍ය නොවු අතර යළිත් සිය ව්‍යාපාරය ආරම්භ කරනුයේ තනිවමය. ඒ 1956 දීය. ඒ වන විට ඔහු හැටහයවන වියේ පසුවුවද ඒ වයස ඔහුට කිසිදු බලපෑමක් එල්ල කළේ නැත. බිරිඳගේද සහය ඇතිව ඔහු යළිත් සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේය.


ප්‍රෙෂර් කුකර් දෙකත් අවශ්‍ය පිටි හා කුකුළු මස් මෙන්ම තුනපහ අඹරනයත් තම මොටර් රථයේ දමා ගත් ඔහු යළිත් සිය ව්‍යාපාරය ආරම්භ කළේය. මෙම ගමනද පහසු වූයේ නැත. ඔහු යළිත් සිය මුල් කාලීන ව්‍යාපාරික ප්‍රවර්ධන උපක්‍රමයන් යොදා ගත්තේය. ඒ අනුව යළිත් නොමිලේ ලබා දෙන්න මෙන්ම නිවෙස් වලට ගොස් සිය නිෂ්පාදන අලෙවි කරන්න ඔහු පියවර ගත්තේය. 1956 දී ඔහු මෙලෙස ආරම්භ කළ තනි ගමන 1963 වන විට අවන්හල් 600 ක් ජාලයක් බවට පරිවර්තනය විය. ඒවා ඇමෙරිකාව පුරා මෙන්ම කැනඩාව දක්වාද පැතිර තිබිණ. අවන්හල් ජාලය ප්‍රවර්ධනය කිරීමේදී ඔහු ඇමෙරිකාව තුළ මෙන්ම කැනඩාව තුළත් යොදා ගත්තේ නියෝජිතයින් හරහා අවන්හල් විවෘත කිරීමයි. මේ ක්‍රමය ලාභදායී මෙන්ම පහසු විය. අඩු ප්‍රාග්ධනයකින් අවධානමක් නොගෙන අවන්හල් ජාලය ප්‍රචලිත කිරීම පහසුවක් විය. අද වනවිට ඩොලර් බිලියන ගණනක අදායමක් උපයන කේ.එෆ්.සී ජාලය ලොව පුරා රටවල් 150 ක පමණ පැතිර පවති.

සිය ව්‍යාපාරය සම්බන්ධයෙන් ක්ලෝනීල් හර්ලන්ඞ් සැන්ඩර්ස් දරන්නේ මෙවැනි අදහසකි.

“මට ව්‍යාපාරය ආරම්භ කරන්න විශාල මුදලක් තිබුනේ නැහැ. ඒ වගේම තියෙන මුදල ආයෝජනය කරලා මම පාඩු ලැබුවා. එහෙත් මට පසු බසින්න අවශ්‍ය වුනේ නෑ. මම මගේ හැකියාව විශ්වාස කළා. අවසානයේ එය මට වාසනාව හා සාර්ථකත්වය ගෙන ආවා.”

නයනකේෂි විජේකෝන්

Thursday, January 10, 2019

අපේ රහට ඇමරිකාවේ තැනුන වයින්



අයෝමා කරුණාසේන මුලින්ම ව්‍යාපාරයක් සඳහා යොමුවූයේ මහමායා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දීය. ව්‍යාපාරික සඟරාවක පලව තිබූ ආකාරයට යෝගට් එකක් නිෂ්පාදනය කිරීමට පියවර ගත්තාය. මේ සඳහා අවශ්‍ය මුදල් ඇය සොයා ගන්නේ සිය කැටයෙන් හා පියාගේ මොටර් රථය සෝදා දීම මගින් ලබා ගන්නා මුදල් වලිනි. මුලදි 12 වතාවක් වරදින යොගට් එක 13 වන අවස්ථාවේදී ඇය සාර්ථක කර ගත්තාය. ඇය යොගට් එකට ඇය පලතුරු කැබලි හා ජෙලිද එක් කළාය. ඇගේ යොගට් එකේ ප්‍රථම වෙළඳපොල වූයේ පාසල් ආපන ශාලාවයි. ඇය කෙතරම් සාර්ථක වූවාද කිවහොත් ඇයට ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ලබා දෙන්න පවා එදා අපහසු විය. පාසල් සිසුවියකව වශයෙන් සිටියදී විනෝදයට කළ මේ නිෂ්පාදනය සහ අළෙවිකරණ කටයුත්ත ඇයගේ සිතේ තදින් පිළපදියම්ව තිබුනි. ඇමරිකාජාතිකයකු හා විවාහ වන ඇය 2000 වර්ෂයේදී ඇය ඇමෙරිකාවේ එක්සත් ජනපදයේ කැළිෆෝනියා ප්‍රාන්තයේ පදිංචියට යන්නීය. අයෝමා කරුණාසේන නම් වූ ඇය දැන් අයෝමා විලන්ය. මහනුවර මහමායා බාලිකාවේදී නිපදවා අලෙවි කළ යොගට් එක කැළිෆෝනියාවේදී අමතක නොවීය. ඒ අනුව අයොමා විලන් පුංචියට සිය පදිංචි ප්‍රාන්තයේ ආහාර අලෙවී කිරිමේ ආපනශාලාවක් ආරම්භ කළාය.  ඒ 2008 වර්ෂයේදීයි. ඇය මෙහි අලෙවි කළේ කාබනික නිෂ්පාදන ආශ්‍රිත ආහාර පමණකි. එය ඒ හේතුවෙන් කෙටි කළකින් එය අතිශය ජනප්‍රිය විය. මේ නිසාම ඇය 2013 වසරේදී “බෙස්ට් චෙෆ් ඇමෙරිකා අවොර්ඞ් විනර්” සම්මානය පවා දිනා ගැනීමට අවස්ථාව ද උදා කර ගත්තාය.ඇමෙරිකා එක්සත් ජනපදයේ දී මේ අකාරයට සූපවේදය සම්බන්ධයෙන් සම්මානයක් දිනා ගත් ප්‍රථම ශ්‍රී ලාංකීය කාන්තවද ඇයයි.

“පර්ල් ඔෆ් ද ඔෂන් ” නමින් ශ්‍රී ලාංකිය ආහාර පාන අලෙවිසල කෙටි කලකින් අතිශය ජනප්‍රිය විය.  ආහාර වේලක් සමග වයින් බීම ඇමෙරිකානුවන්ගේ පුරුද්දයි. ඇගේ පාරිභෝගිකයන්ගෙන් දිගින් දිගටම ගලා ආ ඉල්ලීමන් වූයේ කාබනික ආහාර මෙන්ම ඊට ගැලපෙන නැවුම් වයින් නිපදවා ලබා දෙන ලෙසයි. එහෙත් ඇය මදක් අදිමදි කළේ මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් වූ නිසාය. එහෙත් ඇගේ සිතේද මේ සඳහා යම් අශාවක් හා උවමනාවක් නොතිබුනා නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස් ඇය සිහිනයෙන් පවා මිදි වතු මෙන්ම මිදි යුෂ දැක්කාය. අවසානයේ අගේ තීරණය වුයේ ලංකාවට ගැලපෙන ආකාරයේ වයින් වර්ගයක් නිපදවා එය ඇමරිකානුවන් අතර ජනප්‍රිය කිරීමයි.


එහෙත් මේ සඳහා දැනුම අවශ්‍යය. ඇය වයින් හදන ආකරයේ අයනු ආයනු හෝ නොදත්තාය. මේ නිසා ඇය පළමුවම කළේ සිය අවන්හලවෙත පැමිණේන පිරිසගෙන් වයින් නිෂ්පාදනය ගැන විමසා සිටීමයි. ඇය මුලින්ම සිතුවේ මිදි යුෂ මිරිකා ගැනීමෙන් වයින් නිපදවිය හැකි බවයි. එහෙත් පාරිභෝගිකයන් ගෙන් විමසන විට ඔවුන් ගේ අදහස් අසන විට ඇයට දැනුනේ එය තරමක් අසීරු ක්‍රියාවලියක් බවයි. ඇය තව තවත් තොරතුරු සෙව්වාය. අගේ අරමුණ ලංකාවට මෙන්ම ලොවට ගැලපෙන ආකාරයේ වයින් වීදුරුවක් සිය පාරිභෝගිකයා අතට පත් කිරීමයි. ඒ අනුව තමන් ලද විවේකයන්ගේදී ලොව ප්‍රමුඛ පෙලේ වයින් නිෂ්පාදන සමාගම් සම්මානනීය වයින් නිෂ්පාදකයින් සම්බන්ධයෙන් තොරතුරු සෙව්වාය.

අවසානයේ ඇයට තැනක් හමු විය. ඇගේ තොරතුරු ගොනුවේ ඉහලින්ම සිටියේ පැට් පොල්සන්නය. ධවල මන්දිරයටද ඔහු වයින් සපයයි. පැට් පොල්සන් ජාත්‍යන්තර මට්ටමේ වයින් නිෂ්පාදකයෙකි. 1989 වර්ෂය්දී ඔහු විසින් මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයාටද වයින් තොරා දී ඇති බව ඇය සිය වැඩි විස්තර ලෙස ගවේෂනයේදී සොයා ගත්තාය. පැට් පොල්සන්ගේ සමගෙමේ දුරකතන අංකය සොයා ගත් ඇය සමාගම වෙත දුරකතන ඇමතුමක් ලබා දුන්නාය. එහෙත් ඇයට පැට් පොල්සන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් හිමිවුයේ නැත. ඊට හේතු වුයේ ඔහු විදෙස් ගතව සිටීමයි. මේ නිසා ඇයට සම්බන්ද වීමට සිදු වූයේ ඔහුගේ ලේකම්වරයා සමගයි. ලේකම්වරයා ඇයට උදව් කිරීමට ඉදිරිපත් වුවද අයෝමාට අවශ්‍ය වුයේ පැට් පොල්සන් සම්බන්ධ කර ගැනීමයි. ගැහැණු නුවන යොදවා ජංගම දුරකතනයෙන් ලේකම්වරයා අමතන අයෝමා තමා පැට් ගේ මිතුරියක බව කීවාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ඔහුගේ වොයිස් සබඳතාවය සමග සම්බන්ධ වීමට අවස්ථාව උදා විය. ඇය සිය අවශ්‍යතාවය එහි සටහන් කළාය. මෙහිදි අයෝමා සිය පණිවුඩයේ පැහැදිලිව සිය අවශ්‍යතාවය වූ ලංකාවට ගැලපෙන වයින් වර්ගයක් නිපදවීම පිළිබඳව සඳහන් කළාය. ඇය වැඩි දුරටත් සඳහන් කළේ මේ සඳහා සාකාච්ඡා කිරීමට තමාට පැට් පොල්සන් හමුවීමට අවශ්‍ය බවයි.


ටික දිනකින් ඇයට තමා බලා සිටි පණිවුඩය ලැබුණි. පටිගත කරණ ලද පණිවුඩයේ තිබුනේ තමා ඇමෙරිකාවට පැමිණ සිටින අතර යළිත් දින දෙකකින් විදෙස් ගතවන නිසා එදින දෙකට පමණ පැට් පොල්සන් හමු වන ලෙසයි. ඇගේ සිතේ බලාපොරොත්තු මෙන්ම සතුටද ඉතිරි ගියාය. නොපමාව ඇය එහි ගියාය. එහිදි සිය ඉල්ලීම මෙන්ම අවශ්‍යතාවය ඇය ඔහුට ඉදිරිපත් කලාය. අප රටේ ආහාර වන හාල්මැසසන්, උම්ලකඩ, කරවල, පොල්සම්බෝල වැනි ආහාර සමග ඊට ගැලපෙන ආකාරයේ වයින් වර්ගයක් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය බව ඇය පැට්ට කිවාය.එහෙත් එය මේ වයින් නිෂ්පාදකයාට ප්‍රමාණවත් වූයේ නැත. ඔහු ලාංකික ආහාර පානවල තොරතුරු හා ඒවා සකසන ක්‍රම මෙන්ම ආහාර වට්ටොරු හා තුපපහ වැනි සියළු දත්ත තමාට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඇය මේ සියල්ල ඔහුට ලබා දෙන්නේ සිය සිහිනය දිනා ගැනීමට ඇයට ඇති අධික ආශාව නිසාමයි. අයෝමා තොරතුරු දුන්නද කෑම හදන තරම් ඉක්මනින් වයින් හැදුනේ නැත.

පැට් පොල්සන් ගේ පරීක්ෂණ කාළය වසර හතරකි. ඔහු මේ කටයුත්ත සිදු කාළේ කැළිෆෝනියාවේ වයින් සඳහා අතිශය ප්‍රසිද්ධ නාපාවැලි ප්‍රදේශයේයි. ඇය වසර හතරක කාළය ඉවසිල්ලෙන් බලා සිටියාය. මේ කාළය තුළ වයින් පරීක්ෂණ වාර 17 ක් සිදු කළේය. ඉන් 16 ක්ම අපේක්ෂිත අවශ්‍යතාවය ඉටු කර දුන්නේ නැත. අවසානයේ ඇගේ සිහිනය සැබැ විය. තනිකරම මිදි යොදා ගෙන නිපදවන වයින් වර්ග දෙකක් නිෂ්පාදනය කර ගැනීමට ඔවන්ට අවස්ථාව උදා විය.

ඇය සිහිනය සැබැ කර ගත්තා වුවද එය පාරිභෝගිකයා ඉදිරියට ගෙන එන්නට ඒ තරම් පහසුවක් වුයේ නැත. මේ සඳහා ඇයට තවත් කඩුළු කිහිපය් පනින්නට සිදු විය. ඇයට සිය නිෂ්පාදනයේ ඇති මධ්‍යසාර මට්ටම පිළිබඳව අදාළ අංශවලට දැනුම් දී අනුමැතිය ලබා ගෙන ලේබල් කිරීම, ලියාපදිංචිය අයිතිය ලබා ගැනීම සඳහා තවත් මාස නමයක් ඉවසා සිටීමට සිදු විය. එරට පාරිභෝගික අයිතීන් සම්බන්ධ ආයතන වල විවිධ වූ කොන්දේසී ඉතාමත් තදින් බලපවත්වයි. මධ්‍යසාර මට්ටම පිළිබඳ පර්යේෂණ ගණනාවකට පසු 2016 වර්ෂයේදී සිය නිෂ්පාදනය උත්සවාකාරයෙන් පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමට පියවර ගත්තාය. ඇය සිය නිෂ්පාදන සඳහා නම් යෙදුවේ සිය නමත් යොදා ගනිමින්. ඒ අනුව ඇය සිය එක් වයින් වර්ගයක් සඳහා “අයෝමා රෙඞ් පර්ල්” ලෙසත් අනෙක් වයින් වර්ගය සඳහා “ අයෝමා වයිට් පර්ල්” ලෙසත් නම් තැබුවා. ඇය සිය නිෂ්පාදයේ ලංඡනය ලෙස යොදා ගත්තේද තම රුවමයි. මෙයත් එත් ආකාරයකට සුවිශේෂී අවස්ථාවකි. ඇමෙරිකාවේ වයින් නිෂ්පාදනයක් සඳහා කාන්තා රුව යෙදු ප්‍රථම අවස්ථාව මෙයයි.


ඊළඟට ඇය මේ වයින් සමග අහාරයට ගත හැකි විශේෂිත සොසේජස් වර්ගයක්ද පාරිභෝගිකයා වෙත හඳුන්වා දුන්නිය. ඇය මෙය නිෂ්පාදනය කළේ කොස් වලිනි. එය ඇමෙරිතාවේ මුල්ම කොස් සොසේජසය විය යුතුය. වයින් රස බැළු අය එය නිවසට රැගෙන යන්නද අමතක කළේ නැත. දැන් ඇගේ අරමුණ වන්නේ සිය වයින් වර්ග දෙක ගුවන් සමාගම් වල සංචාරක හෝටල් වල ප්‍රචලිත කිරීමයි. ඇය සිය සිහින දිනිම ගැන දරන්නේ මෙවැනි අදහසකි.

“කිසිම දවසක උත්සහය අතහරින් අවශ්‍ය නෑ. කිහිප වරක් අසාර්ථක වුවත් දිගින් දිගටම උත්සහ කරන්න. ඉලක්කය දෙසටම හඹා යන්න. පිරිසිදු සිතිවිල්ලෙන් ඉදිරියටම යන්න. අවසානය ජයග්‍රහණය වේවී. ඒ වගේම තමයි මට උදව් කළ පැට් පොලසන් පැවසුවා මා හිරු මෙන් මගේ අරමුණ කරා ගියා වගේම අරමුණ අභියෝගයක් කරගෙන ජයග්‍රහණය කරා යාමට ක්‍රීයා කරනවා මේ නිසා මට උදව් කරනවා කියලා.”

සිය අරමුණ කරා තමා කාන්තාවක් යන සිතිවිල්ලේ නොසිට ඉදිරියට ගිය නිසා ඇය අද කාන්තා ව්‍යවසාය අතින් ඉහළම ස්ථානයක රැඳී සිටියි.

නයනකේෂී විජේකෝන්