අපුරු පෙර පාසල්
එහෙත් යුරෝපයේ ක‍්‍රියාත්මක අපුරු පෙර පාසල් ක‍්‍රමයක් මගින් දරුවාට නිදහසේ සොබා දහම සමග ගැටෙමින් අධ්‍යාපනය ලැබිමට අවස්ථාව උදාකර දී ඇත.ෆොරස්ට් පෙර පාසල් ලෙසට හඳුන්වා දී ඇති මෙම ක‍්‍රමවේදයට අදවන විට යූරෝපයෙ හිමිව ඇත්තේ ඉහල ජනප‍්‍රියත්වයකි.වනයක් ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක මෙම පෙර පාසල් ක‍්‍රමවේදය මුලින්ම හඳුන්වා දී ඇත්තේ 1993 දී ජර්මනියේදීය.අද වනවිට එරට පමණක් මෙවැනි පෙර පාසල් 1000ක් පමණ ක‍්‍රියාවට නැංවේ.මෙහිදි සියළු ඉගැන්වීම් සිදු වනුයේ වනය ආශ‍්‍රිතව වන අතර මේ සියල්ල ප‍්‍රායෝගික ඉගැන්වීම් වීමද වීශේෂිතය.ගහකොල,සතාසිවුපාවා පිළිබඳව දරුවාට අවබෝධයක් ලැබෙන පරිදි ඉගැන්වීම් සිදුවේ.එලෙසම කුඩා දරුවන් විසින්ම නිර්මාණය කරනු ලැබු ක‍්‍රිඩාවල යෙදිමටද ඔවුනට අවස්ථාව උදා වේ.මේ සියල්ල සඳහා අමුද්‍රව්‍ය සොයා ගනුයේ අවට පරිසරයෙනි.
එලෙසම මෙම පෙර පාසල් දරුවන්ට පිහියක් , කතුරක් , වැනි සරල උපකරණයක් ප‍්‍රවේශමෙන් භාවිතයට ගන්නා අන්දම මෙන්ම දුන්නක් ඊතලයක් සාදන ආකාරය හා එ්වා ක‍්‍රියා කරන ආකාරය පිළිබඳවද අවබෝධයක් ලබා දීම සිදුවේ.වනයේ පිහිටි ගස් වර්ග කෘමින් පස් ආදි සමග මුසුවෙමින් සිය ඉගෙනුම් ක‍්‍රියාවලියේ යෙදෙන නිසා මෙම දරුවන් වැඩිහිටියන් වු පසුවද පරිසරයට සංවේදි පුද්ගලයින් වන බව පැවසේ.
මෙම පෙර පාසල් අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳව අදහස් දක්වන ජර්මානු මහාචාර්යවරයෙකු වන රෝලන්ඞ් ජොර්ජස් පවසනුයේ මෙවැනි ආයතන වල ඉගෙනුම ලබන දරුවා ගණිතය,කිවීම,විචක්ෂණශීලිභාවය,ඉගෙනුමට ඇති ලැදියාව,ආගමට, සෞන්දර්යාත්මක චින්තනය,යහපත් චර්යා උද්යෝගිමත්භාවය වැනි අංශ වලින් ඉදිරියෙන් සිටින බවයි.
මේ ආකාරයේ වනගත දිවා සුරැුකුම් මධ්‍යස්ථාන පවා යුරෝපයේ ක‍්‍රියාත්මක අතර මේවායේ සේවයේ යෙදෙන පිරිසට වැඩි වගකිමක්ද පැවරේ.එ් නිරන්තරයෙන් දරුවා පිළිබඳව අවධානයෙන් සිටිමට සිදුවන හෙයිනි.අප රටෙත් මෙවැනි සංකල්ප බිහිවේ නම් මෙරට දරුවෝ කොපමන වාසනාවන්ත වේවිද?
නයනකේෂි විජේකෝන්
No comments:
Post a Comment