ලොව ප්‍රිතිමත්ම දරුවන්
දරුවන් යනු සෑම විටම ප්‍රිතියෙන් සිටීමට කැමති පිරිසකි. එහෙත් ලොව සිටින මිලයන ගණනක දරුවන් සියල්ලෝම සතුටින් සිටිනවාද යන්න ගැටළුවකි. පවුලේ ආර්ථික අර්බුධ, දෙමාපියන් අතර ඇති වන ගැටළු සහ අර්බුධ මෙන්ම ඔවුන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන පීඩනයන්, අධ්‍යාපන ක්‍රමවේදයෙන්ගේ ඇති අධික බර මෙවැනි කරණු හමුවේ දරුවන්ගේ ප්‍රිතිය සැහැල්ලුව පලා යාම නිරන්තරයෙන් සිදු වේ. විශේෂයෙන් මෙරට දරුවන් අතරින් බහුතරයකට සිය ළමා විය හා එහි සුන්දරත්වය මෙන්ම සතුට අහිමි වන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හේතුවෙනි. මෙම විභාගය හේතුවෙන් එල්ල වන මානසික පිඩනය දරා ගැනීමට නොහැකිව ප්‍රතිකාර සඳහා යොමු වන දරුවන් පවා මෙරට සිටින බව නොරහසකි.
මෙවන් වාතාවරණයක ලොව සතුටින්ම සිටින දරුවන් පිළිබඳව නෙදර්ලන්තයෙන් වාර්තා වේ. ලෝකයේ සිටින දරුවන් අතරින් සතුටින්ම සිටිනුයේ නෙදර්ලන්තයේ දරුවන්ය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී මෙම කරුණු හෙළිදරවු වී ඇත. මෙම සමීක්ෂණයට අනුව සම්පාදනය කරන ලද ලොව ප්‍රිතිමත්ම දරුවන් නමැති කෘතියේ සම කතෘ මිෂෙල් හචිසන් පවසනුයේ දරුවන් හා දෙමාපියන් අතර සිදුවන අදහස් හුවමාරුව දරුවාගේ අනාගතයට දැඩිලෙස බලපාන බවයි. දුදරු දෙමාපිය අදහස් හුවමාරුව නෙදර්ලන්තයේ පවුල් අතර සුලබ ලෙසට සිදු වන්නකි. නෙදර්ලන්ත පවුල් අතර බහුතරයක් සිය උදෑසන ආහාරය පවුලේ සමාජිකයන් සියළු දෙනා එක්ව ගැනීම සිදු වේ. මෙම අවස්ථාව ඔවුන් අතර අදහස් හුවමාරුව සඳහා ඔවුහු යොදා ගනිති. සිය උදෑසන ආහාරය නිවසේදී ගෙන පසුව පාසල වෙත යන දරුවන් බහුතරය සිටින රටද නෙදර්ලන්තයයි.
මොවුන්ගේ උදැසන ආහාරය සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ චීස් පෙති හා චොක්ලට් තවරන ලද පාන් වුවත් තරබාරු බවින් අඩුම දරුවන් සිටිනේ නෙදර්ලන්තයේ වීමද විශේෂත්වයකි. ඔවුන් සිය පාසල් ගමන සඳහා පාපැදිය යොදා ගැනීමට මීට හේතුවක් විය හැකිය. එරට මාර්ග වල පාපැදි සඳහා වෙනම මං තීරුවක් පවතින අතර මේ හේතුවෙන් දෙමාපියන්ට සිය දරැවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළබල විය යුතුද නැත.
විශේෂයෙන් මෙරට දරුවන්ට පාසල් අධ්යාවපනය තුළ අනවශ්යන පීඩනයක් එල්ල නොවේ. විභාග හා ගෙදර වැඩ පිළිබඳව දරුවාට අනවශ්‍ය ආකාරයේ පීඩනයක් පාසල තුළින් දරුවාට එල්ල නොවීම හේතුවෙන් ඔවුන්ට සතුටින් සිටීමට හැකියාව ලැබී ඇත. පාසල හරහා දරුවාට තමා පිළිබඳව විශ්වාසයක් ගොඩනැගීම මුළික ලෙස නෙදර්ලන්ත අධ්‍යපනය හරහා සිදු වන අතර මේ ආකාරයේ නිදහස් අධ්‍යාපනයක් තිබුනද උසස් අධ්‍යාපනය සඳහා දරුවන් වැඩිම ප්‍රතිශතයක් යොමුවන රටවල් අතරද නෙදර්ලන්තය සිටිනුයේ ඉහළින්මය.
සිය දරුවා සමග කාළය ගත කිරිම සඳහා පඩි රහිත නිවාඩුවක් පහසුවෙන් ලබා ගැනීමටද එරට පියවරුන්ට අවස්ථාවේ තිබේ. එලෙසම දරුවාගේ කටයුතු මව හා පියා අතර පහසුවෙන් බෙදි යන ආකාරයේ ක්‍රමවේදයක්ද සැකසී ඇති අතර මේ නිසා දරුවාට ඔවුන් දෙදෙනාගේම රැකවරණය උපරිමයෙන් හිමිවේ.මේ සියල්හේල තුවෙන් නෙදර්ලන්තයේ දරුවන් සිටිනුයේ ප්‍රතියෙනි.
නයනකේෂී විජේකෝන්