ගහකට තැපැල් අංකයක් ලැබුනොත් ලිපිනයක් එක්කම එය මදක් විශ්වාස කිරිමට අපහසු දෙයක්. එහෙත් බ‍්‍රවුටිගැම්සෙයිචේ, ඩොඩාවුර් වනය, 23701, ඉයුටීන්, ජර්මනිය යන ලිපිනයේ ඇති ඔක් ගසට ඕනෑම අයෙකුට ලිපි ලිවීමට හැකියාව තිබේ. මන්ද එරට තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඉහත ලිපිනය හා කේත අංකය මෙම ගසට ලබා දීමට පියවර ගෙන ඇති හෙයිනි.
බ‍්‍රයිඞ්ගෲම් ගස ලෙසට ප‍්‍රකට මෙම ගස වසර 500ක් පමණ පැරණිය. මෙම ගසෙහි කඳේ ස්භාවිකව ඇතිව තිබෙන හිලකට ලිපි ලිවීම පසුගිය වසර 100 කපමණ කාලයක සිට සිදුවේ. විශේෂයෙන් ආදරවන්තයින් මෙම ලියු ලිපි මෙම ගසේ ඇති හිලට දමන අතර ඔනෑම අයෙකුට මෙම ලිපි විවෘත කර කියවා එ්වාට පිලිතුරු ලිවිය හැකිය. ලිපි මෙහි ඇති කුහරයට දැමීමට මෙන්ම ලියුම් ලබා ගැනීමට පහසු වීමට ගසට ඉනිමගක් සවිකර ඇති අතර ගසවටා ආරක්ෂිත ලී වැටක්ද යොදා තිබේ.
මෙම අපූරු පුරුද්ට සුන්දර මෙන්ම දීර්ග ඉතිහාස කථාවක් ඇත. මෙහි ඉතිහාසය 19 වන සියවස තෙක් දිව යනු ලබයි. මෙම කාලයේ ඕට් නම් තරුණියක් මෙම වනය අසළ වාසය කල අතර ඇය මෙම වනයේ භාරකාරයා වූ වන නිළධාරියාගේ දියණියයි. ඇයගේ ප්‍රේමය දිනා ගෙන සිටියේ අසළ ගමක විසු චොක්ලට් නිෂ්පාදකයෙකුගේ පුතෙකි. එහෙත් ඇගේ පියා මෙම පේ‍්‍රමයට තදබල ලෙසම විරුද්ධ වූ අතර ඔවුන් දෙදෙනාට මුන ගැසිම අතිශය අසීරු කාර්යයක් විය. මෙම අහිංසක පේ‍්‍රමයට පිහිටට ආවේ මෙම ඕක් ගසයි. ඔවුන් දෙදෙනා ගේ පෙම් හසුන් හුවමාරු වුයේ මෙම ගසෙහි වූ කුහරය හරහායි. කෙසේ හෝ අවසානයේ පෙම්වතුන් යුවලට ජයග‍්‍රහනය හිමි වූ අතර ඔවුන් දෙදෙනා දෙමාපිය ආශිර්වාදය මධ්‍යයේ 1891 ජුනි මාසයේ 02 වන දින විවාහ විය.
මේ සමගම තරුණ තරුණියන් පේ‍්‍රමයක් සොයා ගැනිමට මෙන්ම සිය ආරක්ෂාකර ගැනිමේ ද බලාපොරොත්තුවෙන් මෙම ගසට ලිපි ලීවේය. ටිකින් ටික මෙම ඕක් ගස ජර්මනියේ පමණක් නොව ලොව පුරා ජනප‍්‍රිය විය. 1972 දී ගසට ඉනිමගක් සවිකෙරෙනුයේ පහසුවෙන් ලිපි කුහරයේ තැන්පත් කිරිම උදෙසාය. ඉන් පසුව ගසට තැපැල් කේතයක් මෙන්ම ලිපිනයක්ද ලබා දීමට ජර්මන් රජය පියවර ගත්තේය.
බ‍්‍රයිඞ්ගෲම් ඕක් ගසට දිනකට ලිපි 5 ත් 6 ත් අතර ප‍්‍රමාණයක් ලැබෙන අතර මේ ලිපි අතරට සමුදුරෙන් එ්හා සිට එන ලිපිද ඇතුලත්ය.
නයනකේෂී විජේකෝන්
Thursday, September 27, 2018
Wednesday, September 26, 2018
දින දින මිය යන සුන්දර එරල්
කොජාබේ යනු ධීවරයෙකි. ඔහුගේ පරම්පරාවම යැපුනේ ධීවර කර්මාන්තයෙනි. එහෙත් අද ඔහු ජිවත් වන්නේ ලවණ ගතියෙන් ඉහල වැලි තලාවක් අසළය. ඔහුට අද සිය පරම්පරාවේ උරුමය වූ ධීවර කර්මාන්තයේ යෙදිමට අවස්ථාවක් නොමැත. එ් ඔහු හා පරම්පරාව සියවස් ගණනාවක සිට යැපුනු එ්රල් මුහුද තව දුරටත් මුහුදක් නොවන නිසාය. එ්දා නිල් පැහැයට රැළි නැගුනු ඔවුන්ගේ ජීවනාලිය බඳු වූ එ්රල් මුහුද අද එක යායට විහිදි ගිය වැලි කතරකි.
මධ්‍යම ආසියාවේ කසකස්ථානය හා උස්බෙකිස්ථානයට මායිම්ව වර්ග කිලෝමීටර් 68,000 ක භූමි ප‍්‍රදේශයක් පුරා විසිර තිබු එ්රල් මුහුද ගැඹුරින් මීටර් 40 නට ආසන්නය. විශාලත්වය අතින් මෙම මුහුදට ලොව සිව්වන ස්ථානය ද හිමිව තිබුනි. අමු ඩර්යා හා සයිර් ඩර්යා යන ගංගා දෙක මගින් ප‍්‍රධාන වශයෙන් පෝෂණය වූ එ්රල් මහුද ලවණතාවය අතින් පහළ ස්ථානයක රැුඳි තිබුනි. එ් අනුව මෙහි ජලයේ ලවණතාවය එක් ලීටරයකට ග්‍රෑම් 10 කි. 1850 දී පමණ පැරණි සොවියට් රුසියානු පාලන සමයේ මෙම මුහුදේ ආරක්ෂාව උදෙසා යුද නැව් කිහිපයක් ද යොදවා තිබි ඇත. එලෙසම මෙහි මුල්ම වරට යුධ නැවක් යාත‍්‍රා කර ඇත්තේ 1847 දී පමණය. සොවියට් දේශයේ මත්ස්‍ය අවශ්‍යතාවය සපුරාලීමේදි හතර වැනි ස්ථානය හිමිව තිබුනේද එ්රල් මුහුදටය. 12,000 ක පමණ සේවක පිරිසක් සේවයේ යෙදි ටින් මාළු කර්මාන්ත ශාලාවක් ද මේ ආශ‍්‍රිතව පිහිටුවා තිබුනි. එ් යුගයේදී මෙහි ජල තලය මත නිරන්තරයෙන් ධීවර කර්මාන්තය වෙනුවෙන් යොදවන ලද නැව් හා බෝට්ටු යාත‍්‍රා කරමින් පැවතිනි. මෙහි පැවති අඩු ලවනතාවය හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු උදෙසාද ජලය යොදා ගන්නා ලදි. එ් අනුව මෙහි ප‍්‍රධාන පෝෂක ගංගා දෙක ආශ‍්‍රිතව ඉදිකැන ලද ඇල මාර්ග මගින් අවට වූ කාන්තාර ප‍්‍රදේශවල කපු හා කොමඩු වගා කරන ඇත.
එ්රල් මහුදේ විනාශය නිශ්චිත ලෙසම ආරම්භ වනුයේ සොවියට් රුසියාවේ පාලකයෙකු වූ ජෝෂප් ස්ටාර්ලින් ගේ පාලනය සමයේදීය. කපු වගාව මගින් ඉහල ආදායමක් ලබා ගැනිමේ අරමුණ ඇතිව 1961 දී වඩා විශාල ඇල මාර්ග මගින් එ්රල් මහුදේ ජලය පිටතට ගෙන යාමටත් එහි ප‍්‍රධාන පෝෂක ගංගා දෙකේ ජලය රඳවා ගැනිමටත් තීරණය වූ අතර ඊට අවශ්‍ය පියවරද කඩිනමින් ගනු ලැබීය. මෙම කිසිදු ව්‍යාපෘතියක් සිදුවුයේ පරිසර හිතකාමී අයුරින් නොවන අතර මෙවායේ මුලික අරමුණ වූයේ අධික ලාභයයම පමණක් විය. මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ ජලයෙන් 75% ප‍්‍රමාණයක් ඇල මාර්ග වලදීම අහසට වාෂ්පව යෑමයි.
මේ අනුව ව්‍යාපෘතිය ආරම්භ වී වසරකට පසුව එනම් 1961 සිට 1970 දක්වා වූ කාලය තුල එ්රල් මුහදට සිය ජල ධාරිතාවයෙන් සෙන්ටිමීටර් 20 ක් වාර්ෂිකව අහිමි විය. 1970 සිට 1980 දක්වා වූ කාලය තුල සෙන්ටිමීටර් 50 ත් 60 ත් අතර ප‍්‍රමාණයක් අඩු වූ අතර 1960 සිට 2000 දක්වා මේ අඩු වීම 80 ත් 90 ත් අතර ප‍්‍රමාණයකට ඉහල ගියේය. එ් මෙම යුගයේ මෙහි ජලයෙන් වවනු ලබන කපු ප‍්‍රමාණය දෙගුණ කර තිබියමයි. මෙලෙස ජල මට්ටම සිග‍්‍රයෙන් පහත වැටීමද සමග එ්රල් මුහුදට සිය අණසක පතුරවාගෙන සිටි භූමි ප‍්‍රමාණයද ක‍්‍රමයෙන් අතහැරිමට සිදුවිය.
මෙලෙස සිග‍්‍ර වේගයෙන් එ්රල් මුහුද සිඳි යන බව මුල සිටම සොවියට් බලධාරින් දැන සිටියද එ් සඳහා අවශ්‍ය පරිදි පිලියම් යෙදිමේ වුවමනාවක් ඔවුන්ට නොවීය. පසු කාලිනව මේ උදෙසා යම් යම් පියවර සුළු වශයෙන් ගත්තද එ් වන විට සියල්ලො ප‍්‍රමාද වැඩි විය.
මෙහි විනාශය ආරම්භ වූ 1961 වර්ෂය වන විට එ්රල් මුහුද සිය විනාශයට මුල් වූ සොවියට් රුසියාවට වසරකට ටොන් 48,000 ක පමණ මත්ස්‍ය අස්වැන්නක් ලබා දෙමින් සිටියේය. එහෙත් අද වනවිට වන විට එදා නිල් ජලය දෙබැකරමින් ඉදිරයට ගිය බෝට්ටු හා නැව් සුදු පැහැ වැලි තලයක් මත දිරා යමින් තිබේ. එ් සෙවනෙහි අද ගිමන් හරින්නේ කාන්තාරයේ නෞකාව වූ ඔටුවන්ය. 1960 සිට 1990 දක්වා කාලය තුල එ්රල් මුහුද ආශ‍්‍රිතව යැපුනු සංඛ්‍යාව 75,000 කට අධික වූ අතර මුහුදේ විනාශය ද සමග විපතට පත් සම්පුර්ණ සංඛ්‍යාව මිලියන 5 කට අධිකය. දැනට ගණන් බලා ඇති අකාරයට එ්රල් මුහුද 2020 වන විට සම්පුර්ණයෙන්ම මහිතලයෙන් වියැකි යනු ඇත.
පැරණි සොවියට් රුසියාව බිඳ වැටිමත් සමගම මෙම මහුදේ අයිතිය හිමිවූයේ උස්බෙකිස්ථානයටය. මේ නිසාමදෝ උස්බෙකිස්ථාන වැසියෝ එ්රල් මුහුද අතහැර දමන්නට අකමැතිය. එහෙයින් ඔවුහු ”එ්රල් සමාවන්න”, ”එ්රල් නැවත පණ ලැබේවා”, ”එ්රල් යළි අප වෙත එන්න” වැනි පුවරු සවිකර තිබෙනු දැකිය හැකිය. එහෙත් තමා අවට සිටින ජනයාට කිසිදු සමාවක් නොදෙමින් එ්රල් මුහුද මිය යමින් සිටියි. ඒරල් මෙලෙස පණ අදිනුයේ ද සිය විනාශයට මුල් වූ මානවයාට දරුණු ලෙසට දඬුවම් ලබා දෙමිනි. එ්රල් මුහුද දෙසින් හමන ලවණ මිශ‍්‍රිත සුලං ධාරා නිසා අද වන විට උස්බෙකිස්ථානය පුරා උගුරේ පිළිකා හා ළදරු මරණ ඉහල ගොස් තිබේ. මේ අවට කිලෝ මීටර් 300 ක පමණ භූමි ප‍්‍රමාණයක් පූරා පිහිටි සියළු ගහ කොළ ද මේ සුළං නිසා පිඩා විඳිති. දැනට ලැබෙන දත්ත වලට අනුව මෙම විෂ සහිත සුළං ධාරා නිසා පිඩා විඳින්නේ උස්බෙක් වැසියන් පමණක් නොවේ. මෙම සුළං වල බලපෑම උතතර ධ‍්‍රැවයේ හිම වලසුන්ට පවා බලපා ඇත. එලෙසම මෙම ලවණ සහිත සුළං ජපානය හා ස්කැන්ඩිනෙවියානු රටවල් දක්වාද විහිද යන්නේ මෙය උග‍්‍ර පාරිසරික ගැටළුවක් බවට පත් කරමිනි.

Thursday, July 26, 2018
ලොව ප්‍රිතිමත්ම දරුවන්
ලොව ප්‍රිතිමත්ම දරුවන්
දරුවන් යනු සෑම විටම ප්‍රිතියෙන් සිටීමට කැමති පිරිසකි. එහෙත් ලොව සිටින මිලයන ගණනක දරුවන් සියල්ලෝම සතුටින් සිටිනවාද යන්න ගැටළුවකි. පවුලේ ආර්ථික අර්බුධ, දෙමාපියන් අතර ඇති වන ගැටළු සහ අර්බුධ මෙන්ම ඔවුන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන පීඩනයන්, අධ්‍යාපන ක්‍රමවේදයෙන්ගේ ඇති අධික බර මෙවැනි කරණු හමුවේ දරුවන්ගේ ප්‍රිතිය සැහැල්ලුව පලා යාම නිරන්තරයෙන් සිදු වේ. විශේෂයෙන් මෙරට දරුවන් අතරින් බහුතරයකට සිය ළමා විය හා එහි සුන්දරත්වය මෙන්ම සතුට අහිමි වන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හේතුවෙනි. මෙම විභාගය හේතුවෙන් එල්ල වන මානසික පිඩනය දරා ගැනීමට නොහැකිව ප්‍රතිකාර සඳහා යොමු වන දරුවන් පවා මෙරට සිටින බව නොරහසකි.
මෙවන් වාතාවරණයක ලොව සතුටින්ම සිටින දරුවන් පිළිබඳව නෙදර්ලන්තයෙන් වාර්තා වේ. ලෝකයේ සිටින දරුවන් අතරින් සතුටින්ම සිටිනුයේ නෙදර්ලන්තයේ දරුවන්ය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී මෙම කරුණු හෙළිදරවු වී ඇත. මෙම සමීක්ෂණයට අනුව සම්පාදනය කරන ලද ලොව ප්‍රිතිමත්ම දරුවන් නමැති කෘතියේ සම කතෘ මිෂෙල් හචිසන් පවසනුයේ දරුවන් හා දෙමාපියන් අතර සිදුවන අදහස් හුවමාරුව දරුවාගේ අනාගතයට දැඩිලෙස බලපාන බවයි. දුදරු දෙමාපිය අදහස් හුවමාරුව නෙදර්ලන්තයේ පවුල් අතර සුලබ ලෙසට සිදු වන්නකි. නෙදර්ලන්ත පවුල් අතර බහුතරයක් සිය උදෑසන ආහාරය පවුලේ සමාජිකයන් සියළු දෙනා එක්ව ගැනීම සිදු වේ. මෙම අවස්ථාව ඔවුන් අතර අදහස් හුවමාරුව සඳහා ඔවුහු යොදා ගනිති. සිය උදෑසන ආහාරය නිවසේදී ගෙන පසුව පාසල වෙත යන දරුවන් බහුතරය සිටින රටද නෙදර්ලන්තයයි.
මොවුන්ගේ උදැසන ආහාරය සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ චීස් පෙති හා චොක්ලට් තවරන ලද පාන් වුවත් තරබාරු බවින් අඩුම දරුවන් සිටිනේ නෙදර්ලන්තයේ වීමද විශේෂත්වයකි. ඔවුන් සිය පාසල් ගමන සඳහා පාපැදිය යොදා ගැනීමට මීට හේතුවක් විය හැකිය. එරට මාර්ග වල පාපැදි සඳහා වෙනම මං තීරුවක් පවතින අතර මේ හේතුවෙන් දෙමාපියන්ට සිය දරැවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළබල විය යුතුද නැත.
විශේෂයෙන් මෙරට දරුවන්ට පාසල් අධ්යාවපනය තුළ අනවශ්යන පීඩනයක් එල්ල නොවේ. විභාග හා ගෙදර වැඩ පිළිබඳව දරුවාට අනවශ්‍ය ආකාරයේ පීඩනයක් පාසල තුළින් දරුවාට එල්ල නොවීම හේතුවෙන් ඔවුන්ට සතුටින් සිටීමට හැකියාව ලැබී ඇත. පාසල හරහා දරුවාට තමා පිළිබඳව විශ්වාසයක් ගොඩනැගීම මුළික ලෙස නෙදර්ලන්ත අධ්‍යපනය හරහා සිදු වන අතර මේ ආකාරයේ නිදහස් අධ්‍යාපනයක් තිබුනද උසස් අධ්‍යාපනය සඳහා දරුවන් වැඩිම ප්‍රතිශතයක් යොමුවන රටවල් අතරද නෙදර්ලන්තය සිටිනුයේ ඉහළින්මය.
සිය දරුවා සමග කාළය ගත කිරිම සඳහා පඩි රහිත නිවාඩුවක් පහසුවෙන් ලබා ගැනීමටද එරට පියවරුන්ට අවස්ථාවේ තිබේ. එලෙසම දරුවාගේ කටයුතු මව හා පියා අතර පහසුවෙන් බෙදි යන ආකාරයේ ක්‍රමවේදයක්ද සැකසී ඇති අතර මේ නිසා දරුවාට ඔවුන් දෙදෙනාගේම රැකවරණය උපරිමයෙන් හිමිවේ.මේ සියල්හේල තුවෙන් නෙදර්ලන්තයේ දරුවන් සිටිනුයේ ප්‍රතියෙනි.
නයනකේෂී විජේකෝන්
Friday, July 20, 2018
අපුරු පෙර පාසල්
අපුරු පෙර පාසල්
එහෙත් යුරෝපයේ ක‍්‍රියාත්මක අපුරු පෙර පාසල් ක‍්‍රමයක් මගින් දරුවාට නිදහසේ සොබා දහම සමග ගැටෙමින් අධ්‍යාපනය ලැබිමට අවස්ථාව උදාකර දී ඇත.ෆොරස්ට් පෙර පාසල් ලෙසට හඳුන්වා දී ඇති මෙම ක‍්‍රමවේදයට අදවන විට යූරෝපයෙ හිමිව ඇත්තේ ඉහල ජනප‍්‍රියත්වයකි.වනයක් ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක මෙම පෙර පාසල් ක‍්‍රමවේදය මුලින්ම හඳුන්වා දී ඇත්තේ 1993 දී ජර්මනියේදීය.අද වනවිට එරට පමණක් මෙවැනි පෙර පාසල් 1000ක් පමණ ක‍්‍රියාවට නැංවේ.මෙහිදි සියළු ඉගැන්වීම් සිදු වනුයේ වනය ආශ‍්‍රිතව වන අතර මේ සියල්ල ප‍්‍රායෝගික ඉගැන්වීම් වීමද වීශේෂිතය.ගහකොල,සතාසිවුපාවා පිළිබඳව දරුවාට අවබෝධයක් ලැබෙන පරිදි ඉගැන්වීම් සිදුවේ.එලෙසම කුඩා දරුවන් විසින්ම නිර්මාණය කරනු ලැබු ක‍්‍රිඩාවල යෙදිමටද ඔවුනට අවස්ථාව උදා වේ.මේ සියල්ල සඳහා අමුද්‍රව්‍ය සොයා ගනුයේ අවට පරිසරයෙනි.
එලෙසම මෙම පෙර පාසල් දරුවන්ට පිහියක් , කතුරක් , වැනි සරල උපකරණයක් ප‍්‍රවේශමෙන් භාවිතයට ගන්නා අන්දම මෙන්ම දුන්නක් ඊතලයක් සාදන ආකාරය හා එ්වා ක‍්‍රියා කරන ආකාරය පිළිබඳවද අවබෝධයක් ලබා දීම සිදුවේ.වනයේ පිහිටි ගස් වර්ග කෘමින් පස් ආදි සමග මුසුවෙමින් සිය ඉගෙනුම් ක‍්‍රියාවලියේ යෙදෙන නිසා මෙම දරුවන් වැඩිහිටියන් වු පසුවද පරිසරයට සංවේදි පුද්ගලයින් වන බව පැවසේ.
මෙම පෙර පාසල් අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳව අදහස් දක්වන ජර්මානු මහාචාර්යවරයෙකු වන රෝලන්ඞ් ජොර්ජස් පවසනුයේ මෙවැනි ආයතන වල ඉගෙනුම ලබන දරුවා ගණිතය,කිවීම,විචක්ෂණශීලිභාවය,ඉගෙනුමට ඇති ලැදියාව,ආගමට, සෞන්දර්යාත්මක චින්තනය,යහපත් චර්යා උද්යෝගිමත්භාවය වැනි අංශ වලින් ඉදිරියෙන් සිටින බවයි.
මේ ආකාරයේ වනගත දිවා සුරැුකුම් මධ්‍යස්ථාන පවා යුරෝපයේ ක‍්‍රියාත්මක අතර මේවායේ සේවයේ යෙදෙන පිරිසට වැඩි වගකිමක්ද පැවරේ.එ් නිරන්තරයෙන් දරුවා පිළිබඳව අවධානයෙන් සිටිමට සිදුවන හෙයිනි.අප රටෙත් මෙවැනි සංකල්ප බිහිවේ නම් මෙරට දරුවෝ කොපමන වාසනාවන්ත වේවිද?
නයනකේෂි විජේකෝන්
Tuesday, July 17, 2018
වීදීයේ හඬ - බලක්නාම්
වීදීයේ හඬ - බලක්නාම්
වේලාව උදැසන 6 යි. ෂම්බු සිය දිනය ආරම්භ කරනුයේ හිමිදිරි පාන්දරමය. සිය පවුලේ සාමාජිකයින් සමග ඔහු ජිවත් වන්නේ බටහිර නව දිල්ලියෙහි මුඩුක්කුවක පිහිටි පැල්පතකය. ඔහු වෙසෙන්නේ මුඩුක්කුවක වුවුද එ් අවට පරිසරය අතිශය කාර්යබහුල දියුණු ප‍්‍රදේශයකි. ෂම්බු ගේ සිය දවසේ උදැසන පැය 3 ක පමණ කාලය වෙන් කරනුයේ සිය පවුලට ශක්තියක් වීම සඳහා මොටර් රථ සේදීමේ කාර්යයටය. ඔහු සිය රැකියාවෙන් මසකට ඩොලර් 50 ක් උපයන අතර එය ඔවුන්ගේ පවුලේ ආර්ථිකයට දැඩි ශක්තියකි.
17 හැවිරිදි ෂම්බු සිය දවසේ ඉතිරියෙන් පැය කිහිපයක් අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන අතර ඔහු මෙන්ම සම වයසේ තරුණ පිරිස් ඉගෙනිම් කටයුතු තිබුනද නැතද දිනපතා අධ්‍යාපන මධ්‍යස්ථානය වෙත පැමිණෙනුයේ උද්යෝගයෙනි. ෂම්බු අද නව දිල්ලියේ වැසියෙක් වුවද ඔහු උපන්නේ ඉන්දියාවේ දිළිඳුම ප‍්‍රාන්තය වන බිහාර් හි බිරාවුල් නම් ගම්මානයේය. නව හැවිරිදි වියේදි සිය පියාට පිපිඤ්ඤ අලෙවියට සහය වීම පිනිස ඔහු නව දිල්ලියට පැමිණියේය. සිය උපන් ගමේදී ෂම්බු රජය මගින් ක‍්‍රියාත්මක පාසලකට ගියේය.
”ඇත්තටම එය වැඩක් නෑ. මොකද අපි කිසිම දෙයක් එහිදි ඉගෙන ගත්තේ නෑ කිව්වොත් තමා හරි.”
ඔහු ට එ් අධ්‍යාපනය පිළිබඳව ඇත්තේ එවැනි අදහසකි. එහෙත් නව දිල්ල්යේ අධ්‍යාපන මධ්‍යස්ථානය ඔහුට ලියන්නට හා කියවන්ට ඉගෙනිමට සහය විය. ඔහුට මේ හරහා නව මාවතක්ද විවිර විය. එ් ඔහුට මාධ්‍යවේදියෙකු වීමට ලැබුනු අවස්ථාවයි. වීදි දරුවන් වෙනුවෙන්ම මුද්‍රණය වන ”බලක්නාම්” පුවත්පත හරහා ඔහු මධ්‍යවේදියෙකු වුවා පමණක් නොව අද ෂම්බු එහි ප‍්‍රධාන කර්තෘවරයායි.
”බලක්නාම්” යන්නෙහි හින්දි අර්ථය ”දරුවන්ගේ හඬ” යන්නයි. ෂමුබු මෙහි දිදුලන තරුවයි.
”ඉස්සර මගේ සේවය ගන්න එන අය මාව දන්නේ මගේ මොටර් රථය හෝදන ළමයා කියලා.එත් අද සියල්ල වෙනස් වෙලා අද ඔවුන් මාව දන්නේ බලක්නාම් පත්තරේ හරහා.මේ අසළ ජිවත් වෙන වෛද්‍යවරියක් ඇය මට කථා කරන්නේ කර්තෘ සර් කියලා. දැන් හැමෝම වගේ මට එ් නමින් කථා කරනවා.”
සිය පත්තර කන්තොරුවට වී ෂම්බු එසේ පවසනුයේ සිනහ පිරි මුවිනි.
”අපි හැම මාසයකම පත්තරයේ නව මුද්‍රණය එලි දක්වනවා. අපි මේ පිටපත් නිවෙස් වලට ගිහිල් අලෙවි කරනවා. එහිදි බොහෝ දෙනා අපට නොමසුරුව මුදල් අධාර ලබා දෙනවා.”
ඔවුහු මෙම පුවත් ප අලෙවි කරනුයේ රුපියල් 5 යි ශත 10 ක මුදලකටය. එහෙත් පොලිස් ස්ථාන හා වීදි දරුවන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ඔවුහු මෙය නොමිලේ ලබා දෙති. සාමාන්‍යයෙන් පුවත්පතේ හින්දි බසින් මුද්‍රණය වන පිටපත් 8000 ක පමණ ප‍්‍රමාණයක් අලෙවි වේ. දරුවන් බල ගැනිවීම උදෙසා ක‍්‍රියාත්මක රාජ්‍ය නොවන ආයතනයක් වන ”චෙන්ටා” ආයතනයේ අධ්‍යක්ෂ සන්ජේ ගුප්තාගේ මුලිකත්වයෙන් ආරම්භ වූ මෙම පුවත් පත සඳහා මුලික වියදම් දරනු ලැබුවේ මෙම ආයතනය විසින්මය. මෙහි ආරම්භය සිදු වුයේ 2002 වර්ෂයේදීය.
”අපි බලක්නාම් ආරම්භ කරද්දි එයට ආයෝජනය කලා වගේම එ් සඳහා අවශ්‍ය සම්පූර්ණ මග පෙන්වීමද කලා. එහෙත් අද එය සම්පූර්ණයෙන් නිදහස් පුවත්පතක්. එහි සියළු කටයුතු කෙරෙනුයේ දරුවන් අතින්. අපි දැන් කරන්නේ අවශ්‍ය වෙලාවට උපදෙස් දීම පමණයි. එ් වගේම අපි ඔවුන් ධෙර්යමත් කිරිමේ අරමුණින් පුවත්පත ඉංග‍්‍රිසි මාධ්‍යයට පරිවර්තනය කරනවා.”
එ් මෙහි ආරම්භයට අඩිතාලම දැමු සන්ජේ ගුප්තාය. වර්තමානයේදී ඔවුන්ට මාසයකට ලිපි 5000 ක් පමණ ලැබනුයේ ”විද්‍යුත් ලිපිනයට” හා ”වට්ස් ඇප්” හරහාය. දිල්ලියේ පමණක් වීදි දරුවන් 50,000 කට අධික පිරිසක් වෙසෙන අතර ඔවුහු අතරින් 87% කට නිසි අධ්‍යාපණයක් හෝ සාක්ෂරතාවයක් නොමැත. එලෙසම මෙම දරුවන් සියළු දෙනා විවිධ රැුකියාවල යෙදෙන අතර ඇතැමුන් හිඟමනේ යෙදේ. එසෙම විවිධ අපරාධවලට මෙන්ම ලිංගික අපයෝජන වලට මෙම දරුවන් බහුල ලෙස ලක්වේ. මෙම පුවත්පතේ සේවයේ යෙදෙන ෂම්බු වැනි දරුවන් සියළු දෙනා ද යන්තම් පාසල් ගොස් දුෂ්කරතා මධ්‍යයේ ඉගෙන ගත් දරුවන්ය.
”අපි හැම අවස්ථාවකම උත්සහ දරන්නේ අපේ ලිපි හරහා දරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අවධානය යොමු කරන්නයි.”
ෂම්බු සිය අරමුණ පැහැදිලි කරනුයේ එලෙසිනි. සම්බු සමග මෙහි වාර්තාකරුවන් 9 කු සේවයේ යෙදේ. මෙහි සේවය යෙදිම වෙනුවෙන් ඔවුන්ට ලැබෙනුයේ සුළු දීමනාවක් පමණි. එහෙත් ඔවුන් සතුටින් හා උද්යෝගයෙන් එහි සේවයේ යෙදේ. ෂම්බු පවසන පරිදි එය එතරම් පහසු කාර්යයක් නොවේ.
”ඇතැම් අවස්ථවල පුද්ගලයින් අපිත් එක්ක දිගින් දිගටම වාද කරනවා. මොකද ඔවුන්ට අවශ්‍ය තමන්ගේ කථාව මුල් පිටුවට දාගන්න. එ්ත් අපට අවශ්‍ය වඩා වැදගත්ම ලිපි මුල් පිටුව සඳහා දාන්න. ඇත්තටම මේක විශාල අභියෝගයක්.”
ෂම්බු බාතුනි ප‍්‍රදේෂයේ වාර්තාකරු ලෙසට මෙම් පුවත්පතට සම්බන්ධවුයේ වයස අවුරුදු 10 දීය.දැනට වසරක පමණ කාලයක සිට ඔහු මෙහි කර්තෘවරයායි. ෂමුබු මෙන්ම මෙහි සේවයේ යෙදෙන සියළු දෙනා සිය අධ්‍යාපනය ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 10 ට පසුවය.ඔවුන් සියළු දෙනා ළමා ශ‍්‍රමිකයින් ලෙසට සේවයේ යෙදෙමින් ඉගේනිමේ යෙදෙන පිරිසකි.
ෂම්බු සිහිනය සිය අනාගතයද ජනමාධ්‍යවේදය හරහාම සකස්කර ගැනීමය. එලෙසම වීදි දරුවන් සඳහා ඔවුන්ගේ සුබ සිද්ධිය සඳහා යමක් කිරිමය.
”මේ රටේ මිනිස්සු වීදි වල ඉන්න දරුවෝ දිහා බලන්නේ අපි‍්‍රය සහගත බැල්මකින්. ඔවුන්ට අනුව අපට අනාගතයක් නෑ. මට අවශ්‍ය මේ දෙවල් නතර කරන්න.”
එලෙසම ෂම්බු බලක්නාම් පිළිබඳව ඇත්තේ ගෞරවකි.
”මට බලක්නාම් වෙත එන්න නොහැකි වුනා නම් අද මම එක්කෝ හෝටලයක සේවයේ යෙදෙන්නෙක්.නැතිනම් පියා වගේ පිපිඤ්ඤ අලෙවියේ යෙනෙවා. අද මට මේ සියල්ල ලැබුනේ බලක්නාම් නිසා.එය මගේ දිවිය වෙනස් කලා.”
ඔහු සතුව වීදි දරුවන්ට දීමට අපුරු උපදෙසකුත් ඇත.
”හැම විටම අවස්ථාවක් සොයා ගන්න වෙහෙස වෙන්න.එය අපට බොහෝ දේ ලබා දේවි”
නයනකේෂී විජේකෝන්
Subscribe to:
Posts (Atom)
-
ගහකට තැපැල් අංකයක් ලැබුනොත් ලිපිනයක් එක්කම එය මදක් විශ්වාස කිරිමට අපහසු දෙයක්. එහෙත් බ‍්‍රවුටිගැම්සෙයිචේ, ඩොඩාවුර් වනය, 23701, ඉයුටීන්, ජර්ම...
-
අලියා නැතිනම් හස්තියා යනු මිහිමත වෙසෙන විසල්ම ක්ෂීරපායී සත්ත්වයාය. බොහෝ විට වන ගහනයේ වෙසෙන සතුන් මේ සද්ධන්ත ගේ කාය ශක්තියට දක්වන්නේ බිය...
-
ලොව ප්‍රිතිමත්ම දරුවන් දරුවන් යනු සෑම විටම ප්‍රිතියෙන් සිටීමට කැමති පිරිසකි. එහෙත් ලොව සිටින මිලයන ගණනක දරුවන් සියල්ලෝම සතුටින් සිටිනව...