Thursday, August 15, 2019

අලි මිනිස් ගැටුමට මී මැස්සාගෙන් උත්තරයක්




අලියා නැතිනම් හස්තියා යනු මිහිමත වෙසෙන විසල්ම ක්ෂීරපායී සත්ත්වයාය. බොහෝ විට වන ගහනයේ වෙසෙන සතුන් මේ සද්ධන්ත ගේ කාය ශක්තියට දක්වන්නේ බියකි. එය මනු සතාටද පොදුය. අලියකු ඉදිරියේ ඕනෑම මිනිසකුගේ හිතට දැනෙනුයේ බියකි. එමෙන්ම මේ සද්ධන්ත කයෙහි සැඟව ඇති ශක්තියද විශාලය. බොහො විට මිනිසකුට නොව මිනිසුන් විශාල පිරිසකට කිරීමට සිතිය වත් නොහැකි දේ තනි හස්තියකු අතින් ඉටු වන්නේ එබැවිනි.

මී මැස්සා යනු සත්ත්ව ලොකයේ සිටින කුඩාම කෘමියකි. මී පැණි නිපදවීම හා සිය තුඩගින් සතුරාට පහරදීම හැර මී මැස්සාට සිය කාය ශක්තියෙන් විශාල දෙයක් කිරීමට නොහැකිය. හස්තියා හා සැසඳීමේදී නම් මී මැසිසාට සිය කාය ශක්තියෙන් කල හැකි කිසිවක්ම නොමැති යැයි කිව හැකිය.

එහෙත් පුදුමයට ඇති කාරණය නම් කාය ශක්තියෙන් අනූන වූ හස්තියා කුඩාම කුඩා මී මැස්සාට අතිශය බියක් දැක්වීමයි. මෙය අසන අයෙකුට අදාහා ගත නොහැ කාරණය් වුවද අසිරිමත් සත්ත්ව ලොව අපූර්වත්වය එයයි. අලියකු මී මැසි නදක් නැගේ නම් ඒ පෙදෙසට හෝ නොයන බව සඳහන් වේ. සත්ත්ව විද්‍යාඥයින් සඳහන් කරන අකාරයට මෙම බිය සාධාරණය. මී මැස්සකු අලියකුගේ හොඬයට හෝ ඇස් වලට දශ්ඨ කළ හොත් ඉන් ඇතිවන වේදනාව හා අපහසුතාවය අලියාට දරා ගැනීමට අපහසු බව පැවසේ.

කෙසේ හෝ මෙම බියෙන් ප්‍රයෝජන ගනිමින් අලි මිනිස් ගැටුම පාලනය කිරීමට අප්‍රිකානු රටවල් කිහිපයකට හැකියාව ලැබී තිබේ. විශාල අලි ගහනයක් අප්‍රිකානු කලාපයේ වනාන්තර අශ්‍රීතව දිවි ගෙවුවද සාමාන්‍යයෙන් වාර්ෂිකව ඇත් දල සඳහා පමණක් ඇතුන් 30,000 ත් 38,000 ත් අතර සංඛ්‍යාවක් මරා දැමීම සිදු වේ. මීට අමතරව තවත් සැළකිය යුතු අලි ගහණයක් මිය යන්නේ අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස  අප්‍රිකානු ගොවීන් අතිනි. එලෙසම අලින් හේතුවෙන් විශාල ලෙස වගා හානිද සිදු වේ.


මේ අකාරයට නිරන්තරයෙන් ඇතිවන ගොවීන් හා අලින් අතර ගැටුම වැළකීම උදෙසා ඇති එකම විසඳුම විද්‍යුත් අලි වැට වගා බිම් ආවරණය කරමින් ඉදි කිරීම වුවද එය අප්‍රිකාව තුළ ඒ තරම් ප්‍රායෝගික නොවේ. බෙහෝ ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය නොමැති වීම මෙන්ම මේ සඳහා දැරීමට සිදුවන විශාල පිරිවැය මෙයට මූලික හේතුවක් වී ඇත. සාමාන්‍යයෙන් විදුලි අලි වැටක් නිර්මාණය කිරිමේදී කිලෝමීයක් සඳහා ඇමරිකානු ඩොලර් 12,000 ක් පමණ වැය වේ. මෙය දිළිඳු අප්‍රිකානු ගොවීන්ට දැරීමට අතිශය අපහසු මිලකි. අතර අප්‍රිකානුවන්ගේ සාම්ප්‍රදායික දැනුමෙන් ප්‍රයෝජනයක් ගනිමින් විශේෂිත ව්‍යාපෘතියක් කෙන්යාවේදී ආරම්භ වන්නේ 2002 වර්ෂයේදී කෙන්යාව පසුබිම් කර ගනිමිනි.

කෙන්යානු වන ජීවි ආයතනයත් ඔක්ස්ෆර්ඞ් සරසවියේ සත්ත්ව විදා්‍යා අංශයත් එක්ව මී මැසි අලි වැටක් නිර්මාණය කිරීම මේ අනුව සිදුවිය. Save the elephants නම් වූ මෙම ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් සිදු කිරීමට මෙහි නියමුවන් පියවර ගත් අතර එහිදි ඔවුන් අනාවරණය කර ගැනීම් කිහිපයක්ම සිදු කර තිබේ. ඒ අනුව අප්‍රීකානු ගොවීන් මී මැසි ගුමුගුමුව පටිගත කර එය සිය ගොවී බිම් ආශ්‍රිතව වාදනය කිරීම මගින්ද අලින් ගේ පැමිණිම වලක්වා ගෙන ඇත.


මෙම දැනුම සමග නිමැවුනු අලි වැට සඳහා යොදා ගෙන ඇත්තේද ඉතා සුළු වියදමකින් නිමවා ගත හැකි සාම්ප්‍රදායික මී මැසි පෙට්ටි යොදා ගනිමිනි. මෙහිදි අදාල මී මැසි පෙට්ටි වග බිම වටා ස්ථාන ගත කරන අතර පසුව මේවා කේබල් යොදා ගනිමින් එකිනෙකට යා කරනු ලැබේ. මී මැසි ගුමු ගුමුව හේතුවෙන් අලින් වගා බිම මගහැර යන අතර වැරදීමකින් හෝ පැමිණෙන අලියා අදාල කේබල් වල ගැටීමෙන් මී මැස්සන් ඇවිස්සීම සිදු වේ. ඉන් පසුව හස්තියා පලා යනුනේ මී මැසි ප්‍රහාරයන්ට බියෙනි. මෙම අලිවැට ඉදි කිරීම සඳහා මීටර් 100 ක් සඳහා වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් 100 ත් 500 ත් අතර මිලකි. එය අප්‍රිකානු ගොවීන්ට දැරිය හැකි මිලක් වන අතර මී මැසි පාලනය හරහා අලෙවි කිරීමට ලැබෙන මී පැණි මගින් ලැබෙන අදායමෙන් එය පියවා ගත හැකි වීමද විශේෂත්වයකි.

ඒ අනුව මෙහි පළමු නියමු ව්‍යාපෘතිය අත්හදා බැලීම සිදුකර ඇත්තේ කෙන්යාවේ ලයිකිපියා ප්‍රදේශයේ කිතුයා ග්‍රාමයේ වන වාග බිම් කිහිපයනක් ආශ්‍රීතවය. මෙහිදි අදාල අත්හදා බැලීම සිදුකරන ලද්දේ ඉතා කුඩා ප්‍රදේශයක් ආවරණය වන පරිදිය. එය සාර්ථක වූ අතර පසුව මෙහි පළමු අදියර යටතේ වගාබිම් 64 ක් උදෙසා මී මැසි අලි වැට යොදන ලදි. අද වන විට කෙන්යාවේ බොහෝ වගා බිම් වටා මෙම අලිවැට ඉදිකර ඇත. විශේෂයෙන් එරට වනෝද්‍යාන ආසන්නයේ පිහිටි වගා බිම් සුරැකෙනුයේ මෙම අලි වැට මගිනි.

2015 වන විට මෙම අලිවැට 306 ක් ඉදිකර තිබේ. මෙය කෙන්යාව අවට රටවල් ගණනාවක් දක්වාද ප්‍රචලිතව පවතී. මහිදි නිපදවෙන මී පැණි “Elephants friendly honey  ” යන වෙළඳ නාමය යටතේ අලෙවි කිරීම සිදුවේ. මෙහිදි ලැබෙන අදායමෙන් කොටසක්  Save the elephants  අරමුදල සඳහා බැර කෙරෙන අතර ඉතිරිය සෘජුවම ගොවින්ට හිමිවේ. මෙමගින් අප්‍රිකානු ගොවින්ට අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකියාව ලැබී තිබේ.


දැනට මෙහි නියමු ව්‍යාපෘතියක් ඔක්ස්ෆර්ඞ් සරසවිය හා ඉන්දියාවේ කේරල වනජීවි දේපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවා ඇති අතර එයද සාර්කය. මෙය ශ්‍රී ලංකාව තුළද කිසිදු අවහිරයකින් තොරව ක්‍රියාත්මක කළ හැකි අලි වැටකි. මේ සඳහා අඩු පිරිවැයක් වැය වීමත්, ඉන් ගොවීන්ට අමතර අදායමක් හිමි වීමත් විශේෂිතයි. එලෙසම මෙහි නඩත්තුව මෙන්ම ඉදිකිරීමද පහසුය. ශ්‍රී ලංකාව තුළ සැළකිය යුතු මී මැසි ගහණයක් වෙසෙන හෙයින් ඒ සඳහා මී මැස්සන් සොයා ගැනීම ද අපහසුවක් නොවේ. එමගින් මෙරට මී මැසි ගහණයද ආරක්ෂා වනු ඇති අතර අලි මිනිස් ගැටුමට ද විරමායක් ලැබෙනු ඇත.

නයනකේෂී විජේකෝන්.

Tuesday, January 15, 2019

රස නහර පිනවන කේ.එෆ්.සී රස කතාව



සියළු දෙනාම සිය විශ්‍රාම දිවිය නැතිනම් ජීවිතයේ සැඳැ සමය දකින්නේ දරු මල්ලන් සමග විනොදයෙන් විවේකයෙන් ඉන්න, පිනක් දහමක් කර ගන්න සුදුදුම කාළය ලෙසයි. ජීවිතයේ සැඳැ සමයේ ව්‍යාපාරයකට අත ගහලා ඒ ව්‍යපාරය ලොව පුරා ගෙන යනන් අවශ්‍ය අඩි තාලම දමන්න, මෙය කිසිම වියපත් අයෙක් හිතන දෙයක් නම් නොවෙයි. එහෙත් එවැනි අපූරු පුද්ලගයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් සිටි අතර මේ පුද්ගලයා තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ තන්ගේ දිවියේ සැඳැ සමයේයි. ඔහු ආරම්භ කළ මේ ව්‍යාපාරය අද වන විට ලොව පුරා විහිද ගොස් ඇත්තේ ලක්ෂ ගණන් දන්නගේ රස නහර පිනවමින්.


“කේ.එෆ්.සී”නැතිනම් “කෙන්ටකි ෆරයි චිකන්” යනු ලොව පුරා බාල මහළු සියල්ලන්ගේ දිව පිනවූ ස්ථානයක්. මෙහි ආරම්භය 1952 දක්වා දිව යන අතර එය ආර ම්භ කරනුයේ ක්ලෝනීල් හාර්ලන්ඞ් සැන්ඩර්ස් නම් ව් වන විට හැට දෙවන වියේ පසුවන පුද්ලයෙක් විසින්.

එක්දහස් අටසිය අනූවේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා හී ගොවිපලක උපත බලන ක්ලෝනීල් හර්ලන්ඞ් සැන්ඩර්ස් හැදි වැඩෙන්නේද මේ ගොවිපල ඇසුරේමය. එහෙත් ඔහු සය හැවිරිදි වියට පා තබත්ම සිදු වූ පියගේ අභාවයත් සමග ඔහුගේ මවට දරු තිදෙනකුගේ පවුල් බර කරට ගැනීමට සිදුවිය. මේ නිසාම මව දවසේ වැඩි කාළයක් ගත කර ඇත්තේ වැඩ කිරීම උදෙසායි. මව මුදල් ඉපයීමේ යෙදන විට සිය බාල සහෝදරිය හා සහෝදරයා රැක බලා ගනිමින් නිවසසේ සියළු කටයුතු ඉටුවූයේ කුඩා හාර්ලන්ඞ් අතිනි.මේ නිසාම ඔහු දක්ෂ සූපවේදියකු බවට පත්වූයේ හත් හැවිරිදි වියේදීමය.


හාර්ලන්ඞ් ගේ මව ඔහු දොලොස්හැවිරිදි වන විට යළිත් විවාහ වූ අතර ඔහුටත් සහෝදරයාටත් සිය ඥාතී නැන්දනියක් සමීපයට යාමට සිදු වූයේ සුළු පියා පිරිමි දරුවන් සිය සමීපයේ තබා ගැනීමට දැක්වූ අකමැත්ත හෙයිනි. ඒ අනුව හාර්ලනඞ් සහ සොහොයුරා ගොවිපලක වැඩ කිරීට ද යෙදවිනි. හාර්ලනඞ් පාසල් අධ්‍යාපනය සඳහා යොමු වුවද අධ්‍යාපනය හත් වැනි ශ්‍රේණියෙන් පසුව අත් හැර දැමුවේය.

ඉන් පසුව ඔහු සිය ජීවිතයේ පළමු අර්ධය ඔහු ගෙවා දැමුවේ විවිධ වූ රැකියා වල නියැලෙමිනි. ඔහු වරක් හමුදා සේවයේ ද යෙදුනු අතර සේවා ස්ථානය වූයේ කියුබාවයි. ඔහුගේ රැකියා අතර දුම්රිය එන්ජීන් අළුත් වැඩියා සඳහා සහය වීම්, රක්ෂණ නියෝජිත කටයුතු, ටයර් අලෙවිය, විදුලි ආලෝක පද්ධති අලෙවිය, බොට්ටු හැසිරවීම වැනි එකිනෙකට වෙනස් රැකියා විය.


මේ අතර ඔහු එක්දහස් නමසිය තිහේදී ඔහු කෙන්ටකි ප්‍රාන්තයේ කොබීන් හී ගෑස් අලෙවි කරන ස්ථානයක පිහිටි අවන්හලක රැකියාවේ නියැලෙමින් සිටියේය. ඔහු අතින් පිළියෙල වූ නොයෙක් ආහාර සංචාරයින් රස බැළුවේ ආශාවෙනි. මෙහිදි ඔහු ගෑස් පිරවීමේ කටයුතු වලද නියැළින. එක්දහස් නමසිය තිස් නමයේදී ඔහු ප්‍රථම වරට තමන්ගේම කියා ව්‍යාපාරයක් පිළිබඳව සිහින දකිමින් බදින ලද කුකුළු මස් අලෙවියක් ආරම්භ කරන ලදි. ඔහු මෙය නම් කරන ලද්දේ “11 හර්බ්ස් ඇන්ඞ් ස්පියිස් ” යන නාමයෙනි.  ඔහුට සිය සිහිනය සාර්ථක කර ගැනීම පහසුවක් වූයේ නැත. මුල් කාළීනව ඔහුගේ අවන්හලේ පිසින ලද ආහාර පාන අලෙවි කර ගැනීම පහසුවක් වූයේ නැත. මේ නිසා ඔහු තම නිෂ්පාදන නොමිලේ පාරිභෝගිකයා වෙත ලබා දීමට පවා පියවර ගත්තේය. සුළු මුදලකින් ආරම්භ කරන ලද අවහන්හලේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ඔහුට විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය. ඔහු සිය අවහන්හලේ ආහාර පිසින ලද්දේ නිවසේ ඉවුම් පිහුම් සඳහා යොදා ගත් ප්‍රේෂර් කුකර් එකක් අධාර කර ගිනිමිනි. ව්‍යාපාරික උපක්‍රමයක් ලෙස මුල් දින කිහිපයේ සිය ආහාර නිෂ්පාදන නොමිලේ පාරිභෝගිකයා වෙත ලබා දෙන්නට පියවර ගැනීම සාර්ථක විය. ඔහු නිවෙස් අසලට ගොස් සිය නිෂ්පාදන අලෙවි කරන්නට පියවර ගත්තේය. මේ හරහාත් ඔහුට සිය නිෂ්පාදන ප්‍රචලිත කර ගන්නට අවස්ථාව උදා විය.


මේ අතර 1950 දී ඔහු සිය ව්‍යාපාරය වඩා පුළුල් කිරීමට මෙන්ම සාර්ථක ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව සිය අවධානය යොමු කළේය. මෙහිදි ඔහු මුලින්ම කළේ සිය ව්‍යාපාරය උදෙසා තමන් ජීවත් වන ප්‍රාන්තයේ නාමය ලබා දීමයි. එය පසු කාළීනව ලොව පුරා දනන්ගේ රස නහර පිනවන නාමයක් වනු ඇතැය ඇතැම් විට ඔහු නොසිතන්නට ඇත. ඒ අනුව අවනහල කෙන්ටකි ලෙස නම් විය.

දැනට කේ.එෆ්.සී හී භාවිතයට ගැනෙන සංකේතය වන සුදු ඇඳුමින් සැරසි රතු පැහැති ඒප්‍රණයක් පැළඳ සිටින ලංචනයද භාවිතය ආරම්භ වූයේ මේ සමගමය. ඊට පෙනී සිටියේද හාර්ලන්ඞ්මය. මේ කුඩා ව්‍යාපාරය වෙනස් විදිහකින් ආරම්භ වන්නේ 1952 දීය. ඔහු නියමාකාරයෙන් ව්‍යාපාරය ආරම්භ කරන්නේ මේ සමයේදී කිවහොත් නිවැරදිය. ඔවුන් කරන්නේ කුකුළු මස් නවීන ක්‍රමයකට පිස ඒවා ආලෙවි කිරීමයි.

ඒ අනුව මිතුරකු සමග ඔහු කෙන්ටකි ෆ්‍රරයි චිකන් අලවිය ආරම්භ කල ද පසුව මිතුරා සිය ව්‍යාපාරය වසා දැමීමට අදහස් කිරීමත් සමග හාර්ලන්ඞ් පත් වන්නේ දැඩි අපහසුතාවයකටය. ඔවුන් අපෙක්ෂිත තරම් ආදායමක් ලබා ගැනීමට නොහැකි විම ගැටළුවක් වීම මේ තීරණයට හේතුවයි. එහෙත් ඔහුට පසු බසින්නට අවශ්‍ය නොවු අතර යළිත් සිය ව්‍යාපාරය ආරම්භ කරනුයේ තනිවමය. ඒ 1956 දීය. ඒ වන විට ඔහු හැටහයවන වියේ පසුවුවද ඒ වයස ඔහුට කිසිදු බලපෑමක් එල්ල කළේ නැත. බිරිඳගේද සහය ඇතිව ඔහු යළිත් සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේය.


ප්‍රෙෂර් කුකර් දෙකත් අවශ්‍ය පිටි හා කුකුළු මස් මෙන්ම තුනපහ අඹරනයත් තම මොටර් රථයේ දමා ගත් ඔහු යළිත් සිය ව්‍යාපාරය ආරම්භ කළේය. මෙම ගමනද පහසු වූයේ නැත. ඔහු යළිත් සිය මුල් කාලීන ව්‍යාපාරික ප්‍රවර්ධන උපක්‍රමයන් යොදා ගත්තේය. ඒ අනුව යළිත් නොමිලේ ලබා දෙන්න මෙන්ම නිවෙස් වලට ගොස් සිය නිෂ්පාදන අලෙවි කරන්න ඔහු පියවර ගත්තේය. 1956 දී ඔහු මෙලෙස ආරම්භ කළ තනි ගමන 1963 වන විට අවන්හල් 600 ක් ජාලයක් බවට පරිවර්තනය විය. ඒවා ඇමෙරිකාව පුරා මෙන්ම කැනඩාව දක්වාද පැතිර තිබිණ. අවන්හල් ජාලය ප්‍රවර්ධනය කිරීමේදී ඔහු ඇමෙරිකාව තුළ මෙන්ම කැනඩාව තුළත් යොදා ගත්තේ නියෝජිතයින් හරහා අවන්හල් විවෘත කිරීමයි. මේ ක්‍රමය ලාභදායී මෙන්ම පහසු විය. අඩු ප්‍රාග්ධනයකින් අවධානමක් නොගෙන අවන්හල් ජාලය ප්‍රචලිත කිරීම පහසුවක් විය. අද වනවිට ඩොලර් බිලියන ගණනක අදායමක් උපයන කේ.එෆ්.සී ජාලය ලොව පුරා රටවල් 150 ක පමණ පැතිර පවති.

සිය ව්‍යාපාරය සම්බන්ධයෙන් ක්ලෝනීල් හර්ලන්ඞ් සැන්ඩර්ස් දරන්නේ මෙවැනි අදහසකි.

“මට ව්‍යාපාරය ආරම්භ කරන්න විශාල මුදලක් තිබුනේ නැහැ. ඒ වගේම තියෙන මුදල ආයෝජනය කරලා මම පාඩු ලැබුවා. එහෙත් මට පසු බසින්න අවශ්‍ය වුනේ නෑ. මම මගේ හැකියාව විශ්වාස කළා. අවසානයේ එය මට වාසනාව හා සාර්ථකත්වය ගෙන ආවා.”

නයනකේෂි විජේකෝන්

Thursday, January 10, 2019

අපේ රහට ඇමරිකාවේ තැනුන වයින්



අයෝමා කරුණාසේන මුලින්ම ව්‍යාපාරයක් සඳහා යොමුවූයේ මහමායා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දීය. ව්‍යාපාරික සඟරාවක පලව තිබූ ආකාරයට යෝගට් එකක් නිෂ්පාදනය කිරීමට පියවර ගත්තාය. මේ සඳහා අවශ්‍ය මුදල් ඇය සොයා ගන්නේ සිය කැටයෙන් හා පියාගේ මොටර් රථය සෝදා දීම මගින් ලබා ගන්නා මුදල් වලිනි. මුලදි 12 වතාවක් වරදින යොගට් එක 13 වන අවස්ථාවේදී ඇය සාර්ථක කර ගත්තාය. ඇය යොගට් එකට ඇය පලතුරු කැබලි හා ජෙලිද එක් කළාය. ඇගේ යොගට් එකේ ප්‍රථම වෙළඳපොල වූයේ පාසල් ආපන ශාලාවයි. ඇය කෙතරම් සාර්ථක වූවාද කිවහොත් ඇයට ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ලබා දෙන්න පවා එදා අපහසු විය. පාසල් සිසුවියකව වශයෙන් සිටියදී විනෝදයට කළ මේ නිෂ්පාදනය සහ අළෙවිකරණ කටයුත්ත ඇයගේ සිතේ තදින් පිළපදියම්ව තිබුනි. ඇමරිකාජාතිකයකු හා විවාහ වන ඇය 2000 වර්ෂයේදී ඇය ඇමෙරිකාවේ එක්සත් ජනපදයේ කැළිෆෝනියා ප්‍රාන්තයේ පදිංචියට යන්නීය. අයෝමා කරුණාසේන නම් වූ ඇය දැන් අයෝමා විලන්ය. මහනුවර මහමායා බාලිකාවේදී නිපදවා අලෙවි කළ යොගට් එක කැළිෆෝනියාවේදී අමතක නොවීය. ඒ අනුව අයොමා විලන් පුංචියට සිය පදිංචි ප්‍රාන්තයේ ආහාර අලෙවී කිරිමේ ආපනශාලාවක් ආරම්භ කළාය.  ඒ 2008 වර්ෂයේදීයි. ඇය මෙහි අලෙවි කළේ කාබනික නිෂ්පාදන ආශ්‍රිත ආහාර පමණකි. එය ඒ හේතුවෙන් කෙටි කළකින් එය අතිශය ජනප්‍රිය විය. මේ නිසාම ඇය 2013 වසරේදී “බෙස්ට් චෙෆ් ඇමෙරිකා අවොර්ඞ් විනර්” සම්මානය පවා දිනා ගැනීමට අවස්ථාව ද උදා කර ගත්තාය.ඇමෙරිකා එක්සත් ජනපදයේ දී මේ අකාරයට සූපවේදය සම්බන්ධයෙන් සම්මානයක් දිනා ගත් ප්‍රථම ශ්‍රී ලාංකීය කාන්තවද ඇයයි.

“පර්ල් ඔෆ් ද ඔෂන් ” නමින් ශ්‍රී ලාංකිය ආහාර පාන අලෙවිසල කෙටි කලකින් අතිශය ජනප්‍රිය විය.  ආහාර වේලක් සමග වයින් බීම ඇමෙරිකානුවන්ගේ පුරුද්දයි. ඇගේ පාරිභෝගිකයන්ගෙන් දිගින් දිගටම ගලා ආ ඉල්ලීමන් වූයේ කාබනික ආහාර මෙන්ම ඊට ගැලපෙන නැවුම් වයින් නිපදවා ලබා දෙන ලෙසයි. එහෙත් ඇය මදක් අදිමදි කළේ මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් වූ නිසාය. එහෙත් ඇගේ සිතේද මේ සඳහා යම් අශාවක් හා උවමනාවක් නොතිබුනා නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස් ඇය සිහිනයෙන් පවා මිදි වතු මෙන්ම මිදි යුෂ දැක්කාය. අවසානයේ අගේ තීරණය වුයේ ලංකාවට ගැලපෙන ආකාරයේ වයින් වර්ගයක් නිපදවා එය ඇමරිකානුවන් අතර ජනප්‍රිය කිරීමයි.


එහෙත් මේ සඳහා දැනුම අවශ්‍යය. ඇය වයින් හදන ආකරයේ අයනු ආයනු හෝ නොදත්තාය. මේ නිසා ඇය පළමුවම කළේ සිය අවන්හලවෙත පැමිණේන පිරිසගෙන් වයින් නිෂ්පාදනය ගැන විමසා සිටීමයි. ඇය මුලින්ම සිතුවේ මිදි යුෂ මිරිකා ගැනීමෙන් වයින් නිපදවිය හැකි බවයි. එහෙත් පාරිභෝගිකයන් ගෙන් විමසන විට ඔවුන් ගේ අදහස් අසන විට ඇයට දැනුනේ එය තරමක් අසීරු ක්‍රියාවලියක් බවයි. ඇය තව තවත් තොරතුරු සෙව්වාය. අගේ අරමුණ ලංකාවට මෙන්ම ලොවට ගැලපෙන ආකාරයේ වයින් වීදුරුවක් සිය පාරිභෝගිකයා අතට පත් කිරීමයි. ඒ අනුව තමන් ලද විවේකයන්ගේදී ලොව ප්‍රමුඛ පෙලේ වයින් නිෂ්පාදන සමාගම් සම්මානනීය වයින් නිෂ්පාදකයින් සම්බන්ධයෙන් තොරතුරු සෙව්වාය.

අවසානයේ ඇයට තැනක් හමු විය. ඇගේ තොරතුරු ගොනුවේ ඉහලින්ම සිටියේ පැට් පොල්සන්නය. ධවල මන්දිරයටද ඔහු වයින් සපයයි. පැට් පොල්සන් ජාත්‍යන්තර මට්ටමේ වයින් නිෂ්පාදකයෙකි. 1989 වර්ෂය්දී ඔහු විසින් මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයාටද වයින් තොරා දී ඇති බව ඇය සිය වැඩි විස්තර ලෙස ගවේෂනයේදී සොයා ගත්තාය. පැට් පොල්සන්ගේ සමගෙමේ දුරකතන අංකය සොයා ගත් ඇය සමාගම වෙත දුරකතන ඇමතුමක් ලබා දුන්නාය. එහෙත් ඇයට පැට් පොල්සන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් හිමිවුයේ නැත. ඊට හේතු වුයේ ඔහු විදෙස් ගතව සිටීමයි. මේ නිසා ඇයට සම්බන්ද වීමට සිදු වූයේ ඔහුගේ ලේකම්වරයා සමගයි. ලේකම්වරයා ඇයට උදව් කිරීමට ඉදිරිපත් වුවද අයෝමාට අවශ්‍ය වුයේ පැට් පොල්සන් සම්බන්ධ කර ගැනීමයි. ගැහැණු නුවන යොදවා ජංගම දුරකතනයෙන් ලේකම්වරයා අමතන අයෝමා තමා පැට් ගේ මිතුරියක බව කීවාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ඔහුගේ වොයිස් සබඳතාවය සමග සම්බන්ධ වීමට අවස්ථාව උදා විය. ඇය සිය අවශ්‍යතාවය එහි සටහන් කළාය. මෙහිදි අයෝමා සිය පණිවුඩයේ පැහැදිලිව සිය අවශ්‍යතාවය වූ ලංකාවට ගැලපෙන වයින් වර්ගයක් නිපදවීම පිළිබඳව සඳහන් කළාය. ඇය වැඩි දුරටත් සඳහන් කළේ මේ සඳහා සාකාච්ඡා කිරීමට තමාට පැට් පොල්සන් හමුවීමට අවශ්‍ය බවයි.


ටික දිනකින් ඇයට තමා බලා සිටි පණිවුඩය ලැබුණි. පටිගත කරණ ලද පණිවුඩයේ තිබුනේ තමා ඇමෙරිකාවට පැමිණ සිටින අතර යළිත් දින දෙකකින් විදෙස් ගතවන නිසා එදින දෙකට පමණ පැට් පොල්සන් හමු වන ලෙසයි. ඇගේ සිතේ බලාපොරොත්තු මෙන්ම සතුටද ඉතිරි ගියාය. නොපමාව ඇය එහි ගියාය. එහිදි සිය ඉල්ලීම මෙන්ම අවශ්‍යතාවය ඇය ඔහුට ඉදිරිපත් කලාය. අප රටේ ආහාර වන හාල්මැසසන්, උම්ලකඩ, කරවල, පොල්සම්බෝල වැනි ආහාර සමග ඊට ගැලපෙන ආකාරයේ වයින් වර්ගයක් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය බව ඇය පැට්ට කිවාය.එහෙත් එය මේ වයින් නිෂ්පාදකයාට ප්‍රමාණවත් වූයේ නැත. ඔහු ලාංකික ආහාර පානවල තොරතුරු හා ඒවා සකසන ක්‍රම මෙන්ම ආහාර වට්ටොරු හා තුපපහ වැනි සියළු දත්ත තමාට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඇය මේ සියල්ල ඔහුට ලබා දෙන්නේ සිය සිහිනය දිනා ගැනීමට ඇයට ඇති අධික ආශාව නිසාමයි. අයෝමා තොරතුරු දුන්නද කෑම හදන තරම් ඉක්මනින් වයින් හැදුනේ නැත.

පැට් පොල්සන් ගේ පරීක්ෂණ කාළය වසර හතරකි. ඔහු මේ කටයුත්ත සිදු කාළේ කැළිෆෝනියාවේ වයින් සඳහා අතිශය ප්‍රසිද්ධ නාපාවැලි ප්‍රදේශයේයි. ඇය වසර හතරක කාළය ඉවසිල්ලෙන් බලා සිටියාය. මේ කාළය තුළ වයින් පරීක්ෂණ වාර 17 ක් සිදු කළේය. ඉන් 16 ක්ම අපේක්ෂිත අවශ්‍යතාවය ඉටු කර දුන්නේ නැත. අවසානයේ ඇගේ සිහිනය සැබැ විය. තනිකරම මිදි යොදා ගෙන නිපදවන වයින් වර්ග දෙකක් නිෂ්පාදනය කර ගැනීමට ඔවන්ට අවස්ථාව උදා විය.

ඇය සිහිනය සැබැ කර ගත්තා වුවද එය පාරිභෝගිකයා ඉදිරියට ගෙන එන්නට ඒ තරම් පහසුවක් වුයේ නැත. මේ සඳහා ඇයට තවත් කඩුළු කිහිපය් පනින්නට සිදු විය. ඇයට සිය නිෂ්පාදනයේ ඇති මධ්‍යසාර මට්ටම පිළිබඳව අදාළ අංශවලට දැනුම් දී අනුමැතිය ලබා ගෙන ලේබල් කිරීම, ලියාපදිංචිය අයිතිය ලබා ගැනීම සඳහා තවත් මාස නමයක් ඉවසා සිටීමට සිදු විය. එරට පාරිභෝගික අයිතීන් සම්බන්ධ ආයතන වල විවිධ වූ කොන්දේසී ඉතාමත් තදින් බලපවත්වයි. මධ්‍යසාර මට්ටම පිළිබඳ පර්යේෂණ ගණනාවකට පසු 2016 වර්ෂයේදී සිය නිෂ්පාදනය උත්සවාකාරයෙන් පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමට පියවර ගත්තාය. ඇය සිය නිෂ්පාදන සඳහා නම් යෙදුවේ සිය නමත් යොදා ගනිමින්. ඒ අනුව ඇය සිය එක් වයින් වර්ගයක් සඳහා “අයෝමා රෙඞ් පර්ල්” ලෙසත් අනෙක් වයින් වර්ගය සඳහා “ අයෝමා වයිට් පර්ල්” ලෙසත් නම් තැබුවා. ඇය සිය නිෂ්පාදයේ ලංඡනය ලෙස යොදා ගත්තේද තම රුවමයි. මෙයත් එත් ආකාරයකට සුවිශේෂී අවස්ථාවකි. ඇමෙරිකාවේ වයින් නිෂ්පාදනයක් සඳහා කාන්තා රුව යෙදු ප්‍රථම අවස්ථාව මෙයයි.


ඊළඟට ඇය මේ වයින් සමග අහාරයට ගත හැකි විශේෂිත සොසේජස් වර්ගයක්ද පාරිභෝගිකයා වෙත හඳුන්වා දුන්නිය. ඇය මෙය නිෂ්පාදනය කළේ කොස් වලිනි. එය ඇමෙරිතාවේ මුල්ම කොස් සොසේජසය විය යුතුය. වයින් රස බැළු අය එය නිවසට රැගෙන යන්නද අමතක කළේ නැත. දැන් ඇගේ අරමුණ වන්නේ සිය වයින් වර්ග දෙක ගුවන් සමාගම් වල සංචාරක හෝටල් වල ප්‍රචලිත කිරීමයි. ඇය සිය සිහින දිනිම ගැන දරන්නේ මෙවැනි අදහසකි.

“කිසිම දවසක උත්සහය අතහරින් අවශ්‍ය නෑ. කිහිප වරක් අසාර්ථක වුවත් දිගින් දිගටම උත්සහ කරන්න. ඉලක්කය දෙසටම හඹා යන්න. පිරිසිදු සිතිවිල්ලෙන් ඉදිරියටම යන්න. අවසානය ජයග්‍රහණය වේවී. ඒ වගේම තමයි මට උදව් කළ පැට් පොලසන් පැවසුවා මා හිරු මෙන් මගේ අරමුණ කරා ගියා වගේම අරමුණ අභියෝගයක් කරගෙන ජයග්‍රහණය කරා යාමට ක්‍රීයා කරනවා මේ නිසා මට උදව් කරනවා කියලා.”

සිය අරමුණ කරා තමා කාන්තාවක් යන සිතිවිල්ලේ නොසිට ඉදිරියට ගිය නිසා ඇය අද කාන්තා ව්‍යවසාය අතින් ඉහළම ස්ථානයක රැඳී සිටියි.

නයනකේෂී විජේකෝන්


Thursday, September 27, 2018

තැපැල් අංකයක් හිමි ගහක්.

ගහකට තැපැල් අංකයක් ලැබුනොත් ලිපිනයක් එක්කම එය මදක් විශ්වාස කිරිමට අපහසු දෙයක්. එහෙත් බ‍්‍රවුටිගැම්සෙයිචේ, ඩොඩාවුර් වනය, 23701, ඉයුටීන්, ජර්මනිය යන ලිපිනයේ ඇති ඔක් ගසට  ඕනෑම අයෙකුට ලිපි ලිවීමට හැකියාව තිබේ. මන්ද එරට තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඉහත ලිපිනය හා කේත අංකය මෙම ගසට ලබා දීමට පියවර ගෙන ඇති හෙයිනි.

බ‍්‍රයිඞ්ගෲම් ගස ලෙසට ප‍්‍රකට මෙම ගස වසර 500ක් පමණ පැරණිය. මෙම ගසෙහි කඳේ ස්භාවිකව ඇතිව තිබෙන හිලකට ලිපි ලිවීම පසුගිය වසර 100 කපමණ කාලයක සිට සිදුවේ. විශේෂයෙන් ආදරවන්තයින් මෙම ලියු ලිපි මෙම ගසේ ඇති හිලට දමන අතර ඔනෑම අයෙකුට මෙම ලිපි විවෘත කර කියවා එ්වාට පිලිතුරු ලිවිය හැකිය. ලිපි මෙහි ඇති කුහරයට දැමීමට මෙන්ම ලියුම් ලබා ගැනීමට පහසු වීමට ගසට ඉනිමගක් සවිකර ඇති අතර ගසවටා ආරක්ෂිත ලී වැටක්ද යොදා තිබේ.

මෙම අපූරු පුරුද්ට සුන්දර මෙන්ම දීර්ග ඉතිහාස කථාවක් ඇත. මෙහි ඉතිහාසය 19 වන සියවස තෙක් දිව යනු ලබයි. මෙම කාලයේ  ඕට් නම් තරුණියක් මෙම වනය අසළ වාසය කල අතර ඇය මෙම වනයේ භාරකාරයා වූ වන නිළධාරියාගේ දියණියයි. ඇයගේ ප්‍රේමය දිනා ගෙන සිටියේ අසළ ගමක විසු චොක්ලට් නිෂ්පාදකයෙකුගේ පුතෙකි. එහෙත් ඇගේ පියා මෙම පේ‍්‍රමයට තදබල ලෙසම විරුද්ධ වූ අතර ඔවුන් දෙදෙනාට මුන ගැසිම අතිශය අසීරු කාර්යයක් විය. මෙම අහිංසක පේ‍්‍රමයට පිහිටට ආවේ මෙම  ඕක් ගසයි. ඔවුන් දෙදෙනා ගේ පෙම් හසුන් හුවමාරු වුයේ මෙම ගසෙහි වූ කුහරය හරහායි. කෙසේ හෝ අවසානයේ පෙම්වතුන් යුවලට ජයග‍්‍රහනය හිමි වූ අතර ඔවුන් දෙදෙනා දෙමාපිය ආශිර්වාදය මධ්‍යයේ 1891 ජුනි මාසයේ 02 වන දින විවාහ විය.


මේ සමගම තරුණ තරුණියන් පේ‍්‍රමයක් සොයා ගැනිමට මෙන්ම සිය ආරක්ෂාකර ගැනිමේ ද බලාපොරොත්තුවෙන් මෙම ගසට ලිපි ලීවේය. ටිකින් ටික මෙම  ඕක් ගස ජර්මනියේ පමණක් නොව ලොව පුරා ජනප‍්‍රිය විය. 1972 දී ගසට ඉනිමගක් සවිකෙරෙනුයේ පහසුවෙන් ලිපි කුහරයේ තැන්පත් කිරිම උදෙසාය. ඉන් පසුව ගසට තැපැල් කේතයක් මෙන්ම ලිපිනයක්ද ලබා දීමට ජර්මන් රජය පියවර ගත්තේය.

බ‍්‍රයිඞ්ගෲම්  ඕක් ගසට දිනකට ලිපි 5 ත් 6 ත් අතර ප‍්‍රමාණයක් ලැබෙන අතර මේ ලිපි අතරට සමුදුරෙන් එ්හා සිට එන ලිපිද ඇතුලත්ය.
නයනකේෂී විජේකෝන්


Wednesday, September 26, 2018

දින දින මිය යන සුන්දර එරල්

කොජාබේ යනු ධීවරයෙකි. ඔහුගේ පරම්පරාවම යැපුනේ ධීවර කර්මාන්තයෙනි. එහෙත් අද ඔහු ජිවත් වන්නේ ලවණ ගතියෙන් ඉහල වැලි තලාවක් අසළය. ඔහුට අද සිය පරම්පරාවේ උරුමය වූ ධීවර කර්මාන්තයේ යෙදිමට අවස්ථාවක් නොමැත. එ් ඔහු හා පරම්පරාව සියවස් ගණනාවක සිට යැපුනු එ්රල් මුහුද තව දුරටත් මුහුදක් නොවන නිසාය. එ්දා නිල් පැහැයට රැළි නැගුනු ඔවුන්ගේ ජීවනාලිය බඳු වූ එ්රල් මුහුද අද එක යායට විහිදි ගිය වැලි කතරකි.


මධ්‍යම ආසියාවේ කසකස්ථානය හා උස්බෙකිස්ථානයට මායිම්ව වර්ග කිලෝමීටර් 68,000 ක භූමි ප‍්‍රදේශයක් පුරා විසිර තිබු එ්රල් මුහුද ගැඹුරින් මීටර් 40 නට ආසන්නය. විශාලත්වය අතින් මෙම මුහුදට ලොව සිව්වන ස්ථානය ද හිමිව තිබුනි. අමු ඩර්යා හා සයිර්  ඩර්යා යන ගංගා දෙක මගින් ප‍්‍රධාන වශයෙන් පෝෂණය වූ එ්රල් මහුද ලවණතාවය අතින් පහළ ස්ථානයක රැුඳි තිබුනි. එ් අනුව මෙහි ජලයේ ලවණතාවය එක් ලීටරයකට ග්‍රෑම් 10 කි. 1850 දී පමණ පැරණි සොවියට් රුසියානු පාලන සමයේ මෙම මුහුදේ ආරක්ෂාව උදෙසා යුද නැව් කිහිපයක් ද යොදවා තිබි ඇත. එලෙසම මෙහි මුල්ම වරට යුධ නැවක් යාත‍්‍රා කර ඇත්තේ 1847 දී පමණය. සොවියට් දේශයේ මත්ස්‍ය අවශ්‍යතාවය සපුරාලීමේදි හතර වැනි ස්ථානය හිමිව තිබුනේද එ්රල් මුහුදටය. 12,000 ක පමණ සේවක පිරිසක් සේවයේ යෙදි ටින් මාළු කර්මාන්ත ශාලාවක් ද මේ ආශ‍්‍රිතව පිහිටුවා තිබුනි. එ් යුගයේදී මෙහි ජල තලය මත නිරන්තරයෙන් ධීවර කර්මාන්තය වෙනුවෙන් යොදවන ලද නැව් හා බෝට්ටු යාත‍්‍රා කරමින් පැවතිනි. මෙහි පැවති අඩු ලවනතාවය හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු උදෙසාද ජලය යොදා ගන්නා ලදි. එ් අනුව මෙහි ප‍්‍රධාන පෝෂක ගංගා දෙක ආශ‍්‍රිතව ඉදිකැන ලද ඇල මාර්ග මගින් අවට වූ කාන්තාර ප‍්‍රදේශවල කපු හා කොමඩු වගා කරන ඇත.


එ්රල් මහුදේ විනාශය නිශ්චිත ලෙසම ආරම්භ වනුයේ සොවියට් රුසියාවේ පාලකයෙකු වූ ජෝෂප් ස්ටාර්ලින් ගේ පාලනය සමයේදීය. කපු වගාව මගින් ඉහල ආදායමක් ලබා ගැනිමේ අරමුණ ඇතිව 1961 දී වඩා විශාල ඇල මාර්ග මගින් එ්රල් මහුදේ ජලය පිටතට ගෙන යාමටත් එහි ප‍්‍රධාන පෝෂක ගංගා දෙකේ ජලය රඳවා ගැනිමටත් තීරණය වූ අතර ඊට අවශ්‍ය පියවරද කඩිනමින් ගනු ලැබීය. මෙම කිසිදු ව්‍යාපෘතියක් සිදුවුයේ පරිසර හිතකාමී අයුරින් නොවන අතර මෙවායේ මුලික අරමුණ වූයේ අධික ලාභයයම පමණක් විය. මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ ජලයෙන් 75% ප‍්‍රමාණයක් ඇල මාර්ග වලදීම අහසට වාෂ්පව යෑමයි.


මේ අනුව ව්‍යාපෘතිය ආරම්භ වී වසරකට පසුව එනම් 1961 සිට 1970 දක්වා වූ කාලය තුල එ්රල් මුහදට සිය ජල ධාරිතාවයෙන් සෙන්ටිමීටර් 20 ක් වාර්ෂිකව අහිමි විය. 1970 සිට 1980 දක්වා වූ කාලය තුල සෙන්ටිමීටර් 50 ත් 60 ත් අතර ප‍්‍රමාණයක් අඩු වූ අතර 1960 සිට 2000 දක්වා මේ අඩු වීම 80 ත් 90 ත් අතර ප‍්‍රමාණයකට ඉහල ගියේය. එ් මෙම යුගයේ මෙහි ජලයෙන් වවනු ලබන කපු ප‍්‍රමාණය දෙගුණ කර තිබියමයි. මෙලෙස ජල මට්ටම සිග‍්‍රයෙන් පහත වැටීමද සමග එ්රල් මුහුදට සිය අණසක පතුරවාගෙන සිටි භූමි ප‍්‍රමාණයද ක‍්‍රමයෙන් අතහැරිමට සිදුවිය.


මෙලෙස සිග‍්‍ර වේගයෙන් එ්රල් මුහුද සිඳි යන බව මුල සිටම සොවියට් බලධාරින් දැන සිටියද එ් සඳහා අවශ්‍ය පරිදි පිලියම් යෙදිමේ වුවමනාවක් ඔවුන්ට නොවීය. පසු කාලිනව මේ උදෙසා යම් යම් පියවර සුළු වශයෙන් ගත්තද එ් වන විට සියල්ලො ප‍්‍රමාද වැඩි විය.

මෙහි විනාශය ආරම්භ වූ 1961 වර්ෂය වන විට එ්රල් මුහුද සිය විනාශයට මුල් වූ සොවියට් රුසියාවට වසරකට ටොන් 48,000 ක පමණ මත්ස්‍ය අස්වැන්නක් ලබා දෙමින් සිටියේය. එහෙත් අද වනවිට වන විට එදා නිල් ජලය දෙබැකරමින් ඉදිරයට ගිය බෝට්ටු හා නැව් සුදු පැහැ වැලි තලයක් මත දිරා යමින් තිබේ. එ් සෙවනෙහි අද ගිමන් හරින්නේ කාන්තාරයේ නෞකාව වූ ඔටුවන්ය. 1960 සිට 1990 දක්වා කාලය තුල එ්රල් මුහුද ආශ‍්‍රිතව යැපුනු සංඛ්‍යාව 75,000 කට අධික වූ අතර මුහුදේ විනාශය ද සමග විපතට පත් සම්පුර්ණ සංඛ්‍යාව මිලියන 5 කට අධිකය. දැනට ගණන් බලා ඇති අකාරයට එ්රල් මුහුද 2020 වන විට සම්පුර්ණයෙන්ම මහිතලයෙන් වියැකි යනු ඇත.


පැරණි සොවියට් රුසියාව බිඳ වැටිමත් සමගම මෙම මහුදේ අයිතිය හිමිවූයේ උස්බෙකිස්ථානයටය. මේ නිසාමදෝ උස්බෙකිස්ථාන වැසියෝ එ්රල් මුහුද අතහැර දමන්නට අකමැතිය. එහෙයින් ඔවුහු ”එ්රල් සමාවන්න”, ”එ්රල්  නැවත පණ ලැබේවා”, ”එ්රල් යළි අප වෙත එන්න” වැනි පුවරු සවිකර තිබෙනු දැකිය හැකිය. එහෙත් තමා අවට සිටින ජනයාට කිසිදු සමාවක් නොදෙමින් එ්රල් මුහුද මිය යමින් සිටියි. ඒරල් මෙලෙස පණ අදිනුයේ ද සිය විනාශයට මුල් වූ මානවයාට දරුණු ලෙසට දඬුවම් ලබා දෙමිනි. එ්රල් මුහුද දෙසින් හමන ලවණ මිශ‍්‍රිත සුලං ධාරා නිසා අද වන විට උස්බෙකිස්ථානය පුරා උගුරේ පිළිකා හා ළදරු මරණ ඉහල ගොස් තිබේ. මේ අවට කිලෝ මීටර් 300 ක පමණ භූමි ප‍්‍රමාණයක් පූරා පිහිටි සියළු ගහ කොළ ද මේ සුළං නිසා පිඩා විඳිති. දැනට ලැබෙන දත්ත වලට අනුව මෙම විෂ සහිත සුළං ධාරා නිසා පිඩා විඳින්නේ උස්බෙක් වැසියන් පමණක් නොවේ. මෙම සුළං වල බලපෑම උතතර ධ‍්‍රැවයේ හිම වලසුන්ට පවා බලපා ඇත. එලෙසම මෙම ලවණ සහිත සුළං ජපානය හා ස්කැන්ඩිනෙවියානු රටවල් දක්වාද විහිද යන්නේ මෙය උග‍්‍ර පාරිසරික ගැටළුවක් බවට පත් කරමිනි.


Thursday, July 26, 2018

ලොව ප්‍රිතිමත්ම දරුවන්

ලොව ප්‍රිතිමත්ම  දරුවන්


දරුවන් යනු සෑම විටම ප්‍රිතියෙන් සිටීමට කැමති පිරිසකි. එහෙත් ලොව සිටින මිලයන ගණනක දරුවන් සියල්ලෝම සතුටින් සිටිනවාද යන්න ගැටළුවකි. පවුලේ ආර්ථික අර්බුධ, දෙමාපියන් අතර ඇති වන ගැටළු සහ අර්බුධ මෙන්ම ඔවුන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන පීඩනයන්, අධ්‍යාපන ක්‍රමවේදයෙන්ගේ ඇති අධික බර මෙවැනි කරණු හමුවේ දරුවන්ගේ ප්‍රිතිය සැහැල්ලුව පලා යාම නිරන්තරයෙන් සිදු වේ. විශේෂයෙන් මෙරට දරුවන් අතරින් බහුතරයකට සිය ළමා විය හා එහි සුන්දරත්වය මෙන්ම සතුට අහිමි වන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හේතුවෙනි. මෙම විභාගය හේතුවෙන් එල්ල වන මානසික පිඩනය දරා ගැනීමට නොහැකිව ප්‍රතිකාර සඳහා යොමු වන දරුවන් පවා මෙරට සිටින බව නොරහසකි.

මෙවන් වාතාවරණයක ලොව සතුටින්ම සිටින දරුවන් පිළිබඳව නෙදර්ලන්තයෙන් වාර්තා වේ. ලෝකයේ සිටින දරුවන් අතරින් සතුටින්ම සිටිනුයේ නෙදර්ලන්තයේ දරුවන්ය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී මෙම කරුණු හෙළිදරවු වී ඇත. මෙම සමීක්ෂණයට අනුව සම්පාදනය කරන ලද ලොව ප්‍රිතිමත්ම දරුවන් නමැති කෘතියේ සම කතෘ මිෂෙල් හචිසන් පවසනුයේ දරුවන් හා දෙමාපියන් අතර සිදුවන අදහස් හුවමාරුව දරුවාගේ අනාගතයට දැඩිලෙස බලපාන බවයි. දුදරු දෙමාපිය අදහස් හුවමාරුව නෙදර්ලන්තයේ පවුල් අතර සුලබ ලෙසට සිදු වන්නකි. නෙදර්ලන්ත පවුල් අතර බහුතරයක් සිය උදෑසන ආහාරය පවුලේ සමාජිකයන් සියළු දෙනා එක්ව ගැනීම සිදු වේ. මෙම අවස්ථාව ඔවුන් අතර අදහස් හුවමාරුව සඳහා ඔවුහු යොදා ගනිති. සිය උදෑසන ආහාරය නිවසේදී ගෙන පසුව පාසල වෙත යන දරුවන් බහුතරය සිටින රටද නෙදර්ලන්තයයි.

මොවුන්ගේ උදැසන ආහාරය සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ චීස් පෙති හා චොක්ලට් තවරන ලද පාන් වුවත් තරබාරු බවින් අඩුම දරුවන් සිටිනේ නෙදර්ලන්තයේ වීමද විශේෂත්වයකි. ඔවුන් සිය පාසල් ගමන සඳහා පාපැදිය යොදා ගැනීමට මීට හේතුවක් විය හැකිය. එරට මාර්ග වල පාපැදි සඳහා වෙනම මං තීරුවක් පවතින අතර මේ හේතුවෙන් දෙමාපියන්ට සිය දරැවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළබල විය යුතුද නැත.
විශේෂයෙන් මෙරට දරුවන්ට පාසල් අධ්යාවපනය තුළ අනවශ්යන පීඩනයක් එල්ල නොවේ. විභාග හා ගෙදර වැඩ පිළිබඳව දරුවාට අනවශ්‍ය ආකාරයේ පීඩනයක් පාසල තුළින් දරුවාට එල්ල නොවීම හේතුවෙන් ඔවුන්ට සතුටින් සිටීමට හැකියාව ලැබී ඇත. පාසල හරහා දරුවාට තමා පිළිබඳව විශ්වාසයක් ගොඩනැගීම මුළික ලෙස නෙදර්ලන්ත අධ්‍යපනය හරහා සිදු වන අතර මේ ආකාරයේ නිදහස් අධ්‍යාපනයක් තිබුනද උසස් අධ්‍යාපනය සඳහා  දරුවන් වැඩිම ප්‍රතිශතයක් යොමුවන රටවල් අතරද නෙදර්ලන්තය සිටිනුයේ ඉහළින්මය.

සිය දරුවා සමග කාළය ගත කිරිම සඳහා පඩි රහිත නිවාඩුවක් පහසුවෙන් ලබා ගැනීමටද එරට පියවරුන්ට අවස්ථාවේ තිබේ. එලෙසම දරුවාගේ කටයුතු මව හා පියා අතර පහසුවෙන් බෙදි යන ආකාරයේ ක්‍රමවේදයක්ද සැකසී ඇති අතර මේ නිසා දරුවාට ඔවුන් දෙදෙනාගේම රැකවරණය උපරිමයෙන් හිමිවේ.මේ සියල්හේල තුවෙන් නෙදර්ලන්තයේ දරුවන් සිටිනුයේ ප්‍රතියෙනි.

නයනකේෂී විජේකෝන්